19 යෙන් කුඩු ඇල්ලු කතාව -අගමැතිගේ තවත් විහිළුවක් -ප්‍රසන්න රණතුංග

කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ 19 වැනි සංශෝධනය නිසා යැයි අගමැතිවරයා කළ ප්‍රකාශයට සියවසේ විහිලුව ලෙසින් සම්මාන පිදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ යුගයේ කුඩු ජාවාරමුන් සහ පාතාලයන් රටත් අතහැර පලා ගියේ 19 වැනි සංශෝධනයක් තිබුණ නිසාදැයි ප්‍රශ්න කළ රණතුංග මහතා වැඩ බැරි ටාසන්ලා 19 වැනි සංශෝධනයේ එල්ලී හෝ ගොඩයන්නට දරන උත්සාහයට අනුකම්පා කළ යුතු බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව වන කුවෙට් ශාඛාවේ සාමාජිකයන් දැනුවත් කිරීමේ උත්සවයකට කුවෙට් රාජ්‍යයේ නවාලි නගරයේ වොයිස් කට් ශාලාවේ දී 25 වැනි දා එක්වෙමිනි. රණතුංාග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ මාසේ 26 වැනි දා සුවිශේෂී දවසක්. 2015 පෙබරවාරි මාසේ 26 වැනි දා තමයි මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය සිදුවුණේ. ආසියාවේ විශාලතම මංකොල්ලය තමයි මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය. දැන් බැඳුම්කර කොල්ලයට වසර හතරයි. පාඩුව බිලියන ගණනක්. හැබැයි කිසිම හොරෙක්ට මේ වෙනකම් දඬුවම් දීලා නැහැ.

2015 ජනවාරි මාසේ 09 වැනි දා යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලන්නයි. බලයට ඇවිත් මාස දෙකක් යන්නත් ඉස්සර මහ බැංකුව සුද්ධ කළා. එක පාරක් නෙමෙයි දෙපාරක් සුද්ධ කළා. හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලයි ඉස්සර කිව්වේ. දැන් කියන්න වෙන්නේ හොරුන්ගෙත් හොරු බැඳුම්කර හොරු කියලයි.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස ගැන කියමින් බලයට ආපු ආණ්ඩුව අවුරුදු හතරක් ගිහිල්ලත් කරපු දෙයක් නැහැ. එක පැත්තකින් ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. අනෙක් පැත්තෙන් ආර්ථිකය බිඳ වැටිලා. රටම මරු කටේ. හැබැයි ඇමැතිවරුන් දේශපාලන ජීවිතයට අච්චරයි, මෙච්චරයි කියලා මහා සැමරුම් උත්සව තියනවා.

පාතාලය, කුඩු ජාවාරම දැන් රටේ ප්‍රධාන ආදායම් මාර්ග වෙලා. හැමතැනම කුඩු. අගමැතිවරයා කියනවා කුඩු ජාවාරම් මැඩලන්න පුළුවන් වුණේ 19 වැනි සංශෝධනය නිසයි කියලා. මොන කුණුහරුපයක් ද ඒ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කුඩු සහ පාතාලය කුඩේ කුඩු කළේ 19 සංශෝධනය තිබිලද? අගමැති දන්නේ ඉතින් මේ වගේ විහිලු කතා කිය කිය ඉන්න විතරයි.

සාගලලා, රංජිත් මද්දුම බණ්ඩාරලා අවුරුදු හතරක් තිස්සෙ ඔය පොලීසිය භාරව හිටියා. මොකක්ද වෙච්ච සෙතේ? නිලමෙලාට ඕනෑ විදියට නීතිය නමන්න ඉඩ දීපු එක විතරයි. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට මර්දනය කරපු පාතාලය ආපහු පණ ගන්වලා ගත්තේ යහපාලන ආණ්ඩුවම තමයි.

ජනතාවගේ ප්‍රජතාන්ත්‍රවාදී අයිතිය අද අමු අමුවේ උල්ලංඝනය කරනවා. පළාත් සභා විසුරුවා හැරලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. හැබැයි පළාත් සභා ඡන්දය නැහැ. පළාත් සභාවලට තවත් බලය දෙන්න ඕනේ කියන දෙමළ ජාතික සන්ධානයත් තිත්ත බේත් බීපු ගොලුවෝ වගේ සද්ද නැතුව ඉන්නවා.

ජනතාව විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඔක්තෝබර් මාසේ 26 වැනි දා මහින්ද මහත්තයා අගමැති වුණාම එළියට ආපු ජ. වි. පෙ රනිල් බේර ගන්න කරපු සටන ජනතාවට අමතක නැහැ. ආයෙත් රනිල් අගමැති පුටුවේ වාඩි වුණාම ජ. වි. පෙ සද්ද නැහැ. හාමුගෙ හිත රිදෙන හින්දා ජ. වි. පෙ ඡන්ද ගැන කතා කරන්නේ නැහැ
.
ආණ්ඩුවේ කිහිලි කරු දෙක තමයි ජ. .වි. පෙයි, දෙමළ සන්ධානයයි. කිහිලි කරු නැත්නම් ආණ්ඩුව දැනටත් බිම. විපක්ෂයේ පක්ෂ දෙකක් වෙලා ආණ්ඩුවට කඩේ යන එක ගැන දෙමළ සන්ධානය සහ ජ.වි. පෙ ලැජ්ජා වෙන්න ඕනේ. මේ වගේ පක්ෂවල දේශපාලන ගමන නිමා කරන්න ජනතාව අධිෂ්ඨාන කරගන්න ඕනේ.

ප්‍රදීප් අනුර කුමාර

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img