32 C
Negombo
32 C
Negombo

මීගමුවට ලගදීම හෝටල් පාසලක් -පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන

-

මිනිසුන් ඉපදී ජිවත්වි මියයන බවත් ජිවත්ව සිටින කාලය තුල තමන් ආදරය කරන රටට ජනතාවට ප්‍රදේශයට සේවය කරන බව මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  කවින්ද ජයවර්ධනමහතා පවසයි.

විවේචනය කරන කිසිවෙකු සමග තමන් උරණ නොවන බවද තමන් ගමන්කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩිපාරේ බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශකරයි.

මිගමුව සංවර්ධනය කිරීමේ සැලසුම සහ ක්‍රියා මාර්ග සකස් කර ඇතිබවද ක්ලින් මිගමුව ලෙස නම්කර ඇති එම සැලසුම ක්‍රියාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වරුන්ගේ සහාය දැනටමත් ප්‍රකාශ කර ඇතිබව පැවසූ මන්ත්‍රීවරයා මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා අත්වැල් බැදගන්නයි සියලුදෙනාටම විවෘත  ආරාධනයක් ද කළේය.

ධිවර ජනතාවගේ ජිවනතත්වය ඉහල දැමීම මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ඉහල  අධ්‍යාපනයක් ලබාදීම මිගමු සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතම කාර්ය බවද සදහන් කල මන්ත්‍රීවරයා මීගමුවේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයේ ඉහල වැටුප් සහිත රැකියා ලබාගැනීමට දොර විවෘත කිරිමසදහා හෝටල් පාසලක් මීගමුවේ ආරම්භ කරන බවට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

කප්පම්කරුවන් මෙන්ම  මත්කුඩු ජාවාරම් කරුවන් මර්ධනය කිරීම සදහා  පොලිසිය ඇතුළු නිත්‍යානුකූල ආයතන සදහා තමාගේ සහයෝගය උපරිම  වශයෙන්  ලබාදෙන බවද මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  කවින්ද ජයවර්ධනමහතා පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.