ලාහෝර් ප්‍රහාරය: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බේරා ගැනීමට මුල් වූ ඩිල්ෂාන්ගේ “නිර්භීතකම”

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට වසර 10ක් ගත වූයේ, මාර්තු 3 වන දාය.

2009 වසරේ මාර්තු මස 3 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහොර් නුවරට ගොස් සිටියේය. එය තවත් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක තුන් වන දිනය විය. උදෑසන 9.00ට ඔන්න මෙන්න කියා තිබියදී ගඩාෆි ක්‍රීඩාංගණය ඉදිරිපිටදී තුවක්කුකරුවන් 12 දෙනෙක් ඔවුන්ට වෙඩි තබන්නට වූහ.

තරගයේ නිලධාරීන්ට පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරකයෝ රයිෆල්, අත්බෝම්බ සහ රොකට් විදිනවලින් සන්නද්ධව සිටියහ.

මේ වන විට එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන ට්‍රෙවර් බේලිස් සහ ඔහුගේ සහයක පෝල් ෆාබ්‍රේස් එවකට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සේවය කළ අතර ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායම සිටි බස් රථයේ සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට වෙඩි වැදී තිබු අයුරුImage copyrightARIF ALI
Image captionශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට වෙඩි වැදී තිබු අයුරු

“ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී අපේ ජීවිත බේරුණේ, තිලකරත්න ඩිල්ෂාන් නිසයි” එසේ අදහස් පළ කළේ, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ක්‍රියා කළ පෝල් ෆාබ්‍රේස්ය.

“වෙඩි උණ්ඩ බස් එකට වැදුණා. බස් රථයේ වීදුරුවලට වැදුණා. මට ඒ වෙලාවේ ඇහුණේ, ඩිල්ෂාන්ගේ හඬ විතරයි. ඒ සුවිශේෂ හඬ මට තවමත් ඇහෙනවා. ඒක මගේ ජීවිතේ ඉතිරි කාලය පුරා ම තියේවි.”

පෝල් ෆාබ්‍රේස් පවසන්නේ, ඩිල්ෂාන් නිරන්තරයෙන් රියැදුරු අසුනට පසුපස පිහිටි අසුනේ හිඳගන්නා බවය. “මට ඇහුණා ඩිල්ෂාන් කිව්වා, බස් රථය පසුපසට ධාවනය කරන්න කියලා. ඒ වෙලාවේ රියැදුරා සුක්කානමට පහතින් හිස තබාගෙන අත්වලින් සුක්කානම හසුරුවමින් හිටියේ.

“එහෙම ඉඳගෙන ඔළුව පාත් කරගෙන ධාවනය කරනකොට ඩිල්ෂාන් තමයි ප්‍රහාරයෙන් බේරිලා යන්න පාරවල් පෙන්නුවේ. බස් රථයේ රියැදුරා ඒ ස්ථානයෙන් බස් රථය ඉවත් කර ගන්න දැක්වූ දක්ෂතාවට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඒත්, මට හිතෙන්නේ ඩිල්ෂාන්ගේ තිබුණ නිර්භීතකම නිසා තමයි අපේ ජීවිත බේරුණේ.”

තිලකරත්න ඩිල්ෂාන්Image copyrightGETTY IMAGES
බස් රථයේ රියැදුරුImage copyrightGETTY IMAGES
Image captionබස් රථයේ රියැදුරු

ට්‍රෙවර් බේලිස්ගේ අත්දැකීම

සිය අත්දැකීම ගැන මතකය අවදි කළ ට්‍රෙවර් බෙලිස්, “මම උදේ අවදි වෙනකොට හිසරදයක් තිබුණ නිසා මම බස් එකේ ආසනය මත ඉඳගෙන ඇස් පියාගෙනයි හිටියේ. මම සාමාන්‍යයෙන් ඉඳගන්නේ රියැදුරු අසුනට පස්සේ තියෙන දෙවන ආසන පේළියේ. රියැදුරාට පසු ආසනයේ ඒ කියන්නේ මට ඉදිරියෙන් ඉඳගෙන හිටියේ තිලකරත්න ඩිල්ෂාන්,” යනුවෙන් පැවසීය.

“හදිසියේ පිපිරීමක් සිද්ධ වුණා. ඒක මගේ ළඟ ම සිද්ධ නොවුණට මට එය හොඳින් ඇහෙන තරම් ළඟක වුණේ. තවත් තත්පර කීපයක් ඇතුළත අත්බොම්බයක් වගේ දෙයක් බස් එක පැත්තට එල්ල වුණා.

කියවන්න:

ලාහෝර් ප්‍රහාරයImage copyrightREX FEATURES

“මම එතකොට අඩ නින්දේ හිටියේ. මම නැගිට්ට වෙලාවෙ ම අනිත් අයත් බස් එකේ මැදට එක්රැස් වුණා. මම ආසන දෙකක් අතරට පැන්නා.

“අපිට ක්‍රීඩාංගණයට ඇතුළු වෙන්න තිබුණේ තත්පර 30ක වගේ කාලයක්. ඒ නිසා අපි වැඩි වෙලාවක් ගත වෙන්න කලින් ආරක්ෂිත ස්ථානයකට ගියා. ඒත් අපිට වෙඩි හඬ තවදුරටත් ඇහුණා.

“වාසනාවට අපිත් එක්ක ගිය කිසි කෙනෙක් මැරුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරීන්ගෙන් භාගයක් සහ තවත් රියැදුරෙක් මිය ගියා. අපිට කලින් ධාවනය වුණ විනිසුරුවරුන් රැගත් වෑන් රථයට වෙඩි ප්‍රහාර එල්ල වුණ හැටි යම් කෙනෙක් වීඩියෝ කරලා තිබුණා.”

ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරයImage copyrightGETTY IMAGES
Image captionප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ගඩාෆි ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය

“හැමෝම හිතුවේ මම මැරෙයි කියලා” – තරංග පරණවිතාන

සිය මංගල ටෙස්ට් තරගාවලිය සඳහා 2009 වසරේදී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරංග පරණවිතානට අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවුයේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් ලෙසය.

“බුලට් එකක් වැදුණා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා” යනුවෙන් තරංග පරණවිතාන තමන්ට එදා එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන වසර 8කට පසු ආවර්ජනය කරමින් මීට වසර දෙකකට පෙර බීබීසි සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේය.

“හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

“එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ.”

“ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා,” තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රස්යජනක අත්දැකීම හෙළි කළේ එලෙසය.

මෙම ප්‍රහාරය සහ එහි කම්පනය තම ජිවිත කාලයට ම අමතක නොවනු ඇති බව තරංග පරණවිතාන පැවසීය.

ඒ ප්‍රහාරයෙන් තිලාන් සමරවීර ද බරපතළ තුවාල ලැබීය.

BBCSINHALA

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img