දෙවියන් වහන්සේ ලබාදුන් ජීවිතය විනාස කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නෑ කාදිනල් හිමිපාණන්

දෙවියන් වහන්සේ විසින් ලබාදුන් ජීවිතය විනාසකිරීමට කිසිම කෙනෙකුට අයිතියක් නොමැතිබව කොලබ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අගරදගුරු තුමන් මෙම අදහස් ප්‍රකාශ කලේ පසුගිය ඉරුදින පාස්කු දේව මෙහෙයේදී  කටුවාපිටිය දේවස්ථානය තලදී   මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු එල්ලකළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසකගේ අවසන්කටයුතු සිදුකිරීම වෙනුවෙන් පැවැත්වූ දෙවමෙහෙයේ දීය

දේවස්ථාන භුමියේ ඉදිකරනලද තාවකාලික ගොඩනැගිල්ලකදී මෙම දේවමෙහෙය පැවැත්විණි

රැස්වසිටි පිරිස අමතා ප්‍රධාන දේශනය සිදුකරමින් අදහස් පලකල    කාදිනල් රංජිත් හිමිපාණන්  තමන්ගේ විස්වාශය අනුව එය ප්‍රකාශකිරීමට යඥා කිරීමට දේවස්ථානයට පැමිණ පවුල්පිටින් මියගිය අය වෙනුවෙන් අවසන් කටයුතු සිදුකරන මෙම මොහොත  ඉතාමත් වේදනාකාරී අවස්ථාවක්.

දෙවියන් වහන්සේ විසින් සැලැස්මක් අනුව ලබාදෙනලද ජීවිතය විනාශ කිරීම බලවත් පාපයක් මෙන්ම අපරාධයක්. මේ නිසා අද රටේ විශාල පිරිසක් කදුළු සලනවා ඒ අයගේ සිතුම් පැතුම් බලාපොරොත්තු බිද වැටිලා  300 ක් පමණ මියගිහින්  මෙයට සම්බන්ද වූ සමහරු මේ කතාව අසාගෙන ඇති.

ඔබ මෙමිනිසුන් මරා ලේමතින්  ලබාගැනීමට උත්සාහකරන්නේ කුමන ජයග්‍රහණය කරන්නද වස්තුව උපයා ගැනීමටද රටවල් අල්ලා ගන්නද රටවල් පාලනය කරන්නද ලෑස්ති වෙන්නේ.

ලේ මතින් මළමිනී උඩින් යමක් ලබාගැනීමට උත්සාහ කරන  මේ නපුරු ක්‍රියා අතහරින්න තවදුරටත් මේ මිනීමැරීමේ ව්‍යාපාරය ගෙනියන්න එපා කියල මා කන්නලවු කරන්නවා

පාස්කු ඉරිදා අපේ සහෝදර සහෝදරියන් දේවස්ථානයට  පැමිණියේ කොතරම් දේව ආදරයකින්ද කොතරම් විස්වශයකින්ද කවදාවත් ඔවුන්තුල හැගීමක් තිබුනේ නැහැ පවුල් පිටින් විනාශවී ගෙදර යන්න බැරිවෙයි කියල

මේ මියගිය අපේ සහෝදරවරු තමන්ගේ විස්වාශය වෙනුවෙන් ජීවිතය පුජාකළ ප්‍රාණ පරිත්‍යාග වරුන් ලෙස හදුන්වන බවද යලි ඉදිවන දේවස්ථානයේ ඔවුන්ගේ නම් සදහන් කල පාලකයක් සවිකළ යුතු බවද

කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පැවසිය.

දේව මෙහෙය අවසානයේ මියගිය අයගේ ඥාතින් මුණගැසුණු අවස්ථාවේදී කාදිනල් තුමා ඉතාමත් සංවේදී ව ඔවුන් සමග ශෝකය බෙදා ගැනීම සියල්ලන්ගේ නෙතට කදුලක් එක්කල අවස්ථාවක් විය.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img