Friday, September 25, 2026
28 C
Negombo

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පටන් ගත් යුද්ධය අවසානය දක්වා ගෙන යනවා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් පටන් ගත් යුද්ධය අවසානය දක්වාම ගෙන යන බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ මහතා ප්‍රකාශකර තිබේ ජාත්‍යන්තර අධිකරණයකදී තමන්ට එරෙහිව නඩු විභාගයක් කිරීමට සිතීම “මෝඩකමක්” යැයි ද පිලිපීන ජනාධිපතිවරයා කීය.රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් පිලිපීන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

“මට විරුද්ධව නඩුවක් විභාග කළොත් කරන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම පෙනී ඉන්නේ පිලිපීන අධිකරණයක විතරයි. මම යුරෝපීය ජාතිකයන්ට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්න අහන සුදු මනුස්සයෙක් ඉස්සරහා මම ඉන්නේ නැහැ” යැයි ද ඔහු කීවේය.

පිලිපීන අධිකරණ පද්ධතිය කදිමට ක්‍රියාත්මක වන බවත් එහෙයින් ජාත්‍යන්තර අධිකරණයක තමන්ට එරෙහිව නඩු ඇසීමේ වුවමනාවක් නැති බවත් පිලිපීන ජනාධිපතිවරයා මෙම රූපවාහිනි සාකච්ඡාවේදී පැවැසීය.

“මම පිලිපීන ජාතිකයෙක් අපිට මෙහේ අධිකරණ තියෙනවා. ඔබට ඕනේ මා වෙන කොහෙටහරි ගෙන්වන්න ද ? මම කැමැති නැහැ ඒකට. මට මගේ රට තියෙනවා. මගේ රටේ රාජකාරි වෙනවා. මගේ අධිකරණ පද්ධතියක් තියෙනවා. පිලිපීනයේ අධිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා” යැයි ඔහු කීවේය.

පිලිපීන පොලිසිය අනිසි ලෙස ඔවුන්ගේ බලය භාවිත කරන බවත් ඝාතන සිදු කරන බවත් පොලිසිය සහ නිලධාරීන් කරන වැරැදිවලට දඬුවම් නොලබා නිදැල්ලේ සිටින බවටත් පිලිපීන විපක්ෂය චෝදනා කරයි.

පිලිපීන කොංග්‍රසයේ බහුතර කැමැත්තේ ඇත්තේ ජනාධිපති ඩුටාර්ටේය. එය සුපිරි බහුතරයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. පිලිපීන අධිකරණ පද්ධතිය, කොමිෂන් සභා හා විමර්ශන ආයතනවල සිටින්නේ ජනාධිපති ඩුටාර්ටේ පත්කළ නිලධාරීන් බැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම හෝ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොවන්නක් බව පිලිපීන විපක්ෂය පෙන්වාදෙයි.

රොයිටර් ඇසුරිනි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img