තද වැසි සමග -තද සුළං

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12.00 ට නිකුත්කර ඇති කලගුණ නිවේදනයට අනුව දීවයිනේ අහස වලාකුලින් බරව පවතින අතර, දිවයිනේ නිරිත දිග කොටසේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවලත් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය ජූලි මස 20 වන දා දක්වා තවදුරටත් බලාපොරොත්තුවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60)පමණ දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා තරමක තද සුළං ද ඇති විය හැකිය

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතාතද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක..

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here