උණ හැදුනොත් මේ බෙහෙත් බොන්න එපා

රෝගය උත්සන්න වන බව අනාවරණය වීම නිසා ඩෙංගු ඇතුළු උණ රෝගවලින් පෙළෙන රෝගීන්ට ඇස්ප‍්‍රින් ඇතුළු බෙහෙත් වර්ග හතක් ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලූ වෛද්‍යවරුන්ගෙන් හා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මේ අනුව ඇස්ප‍්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලෝෆිනෑක්, සෝඩියම් මෙෆනමික් ඇසිඞ්, ස්ටෙරොයිඞ් ගණයට අයත් ප්‍රෙඞ්නිසිලෝන්, මීතයිල් ප්‍රෙඞ්නිසිලෝන්, ඩෙක්සමෙතසෝන් යන බෙහෙත් භාවිතයෙන් වැළකිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටී.

පසුගිය දිනවල මෙම බෙහෙත් භාවිත කළ රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවට දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇති අතර රෝගියා ඩෙංගු රෝගියකු නම් තත්ත්වය මාරාන්තික විය හැකි බව වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී. මෙම දිනවල නිරිතදිග මෝසම් වැසි හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත‍්‍රික්කවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවද හෙතෙම පවසයි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img