මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුවියක් ඩෙංගු මදුරුවා රැගෙනයයි

-

මිගමුව හර්ස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුවියක් ඩෙංගුරක්තපාත  උනරෝගය වැළදීමෙන් මියයයි

මෙසේ මියගොස්  ඇත්තේ කටාන අක්කරපනහ සමුර්ධිගම පදිංචිව සිටි චාමිකා මිනෝලි නමැති 11 හැවරදි පාසැල් සිසුවියයි මියයන විට ඇය මිගමුව හර්ස්චන්ද්‍ර ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටියේය.

රංජිත් මහතා ගේ සහ චන්දි මහත්මිය ගේ විවාහයෙන් වසර අටකට පසු මෙලොව එළියදුටු  චමිකා මිනෝලි පවුලේ එකම දරුවා විය.

මෙම මස 3 දින උනරෝගය වැලදීම නිසා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන්  ප්‍රතිකාර ලබාගෙන අගෝස්තු මස  5 වන දින තම දියණියට මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කලබව මිනොලිගේ දෙමවුපියන් පැවසිය.

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩිසත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි මිනෝලි 8 වනදින මියගොස් ඇත.

මෙම සිසුවියගේ නිවස ආසන්නයේම පදිංචිව සිටි කටුනායක රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනි  චාන්දනී දමයන්ති පෙරේරා මහත්මිය ඩෙංගු රක්තපාත උණ රෝගයට  ගොදුරුවීමෙන් පසුගිය සතියේ මියගියේය.

මේ වනවිට කදසුරිදුගම සමුර්ධිගම ඩෙංගු රෝගීන් 200 කට අසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here