දංකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ කැබ්රිය මීගමුවේදී මංකොල්ල කයි

දංකොටුව කර්මාන්ත පුරයේ පොල් තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලා හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් මිලියන 11 ක් පමණ වටිනා කැබ් රථයක් මංකොල්ල කනලද සැකකරුවෙකු හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා මෙම මස 24 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා නියෝගක්ලේය.

මෙසේ රක්‍ෂිත බාන්ධනාගර ගතකරන ලද්දේ කැබ් රථය පැහැර ගැනීමේ චෝදනාව මත සැකපිට  අත්අඩංගුවට ගත් රත්මලාන බොරුපන පදිංචි කලන දිෂාන්ත (26) නමැත්තෙකි

12 වනදින අලුයම් කාලයේ කොලබ සිට දංකොටුව බලා ගමන්කරමින් සිටි කැබ්රථ රියදුරුට තෙහෙට්ටු ගතියක් ඇතිවීම නිසා ගල්කන්ද හංදිය ආසන්නයේ කොලබ මිගමුව ප්‍රධාන මාර්ගයේ රථය නවතාගෙන විවේක ගෙන ඇත.මෙසේ විවේක ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එකවර රථයේ දොර විවෘතකර යතුර ලබාගෙන වෙඩිතබා මරනබවට රියදුරුට තර්ජනය කරතිබේ.

බියට පත් රියදුරුපැන ගොස් ඇතිඅතර කොල්ලකරු වාහනය පනගන්වගෙන කොලබ දෙසට ධාවනය කර තිබේ වාහන කොල්ලය පිලිබදව පැමිණිල්ලට අනුව  මීගමුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක එම්. එස්‌. ජයනාත් මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ ආරම්භකර සැකකරු පිළිබද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර මිගමුව තලාදුව ප්‍රදේශයෙන් විවාහවී ඇති රත්මලාන බොරුපන ප්‍රදේශයේ සැකකරුගේ නිවසට පොලිසිය යනවිටත් ඔහු නිවසින් පලාගොස් තිබුණි.

සැකකරු පලාගොස් මහනුවර පන්නිල ප්‍රදේශයේ සැගව සිට ඇතිඅතර  එහිගිය පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු සහ එම නිවසේ අංක තහඩු ගලවා වර්ණය වෙනස්කිරිමට සුදානම් කරතිබූ  කැබ් රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ අධීක්‍ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ඡේ. එම්. එස්‌. ජයනාත් මහතා විසින් වැටලීම මෙහෙය විය. එම වැටලීමට මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සැරයන් (22565) මාරසිංහ පො. කො. (45145) පෙරේරා, පො. කො. (88256) හඳුන්නෙත්ති, පො. කො. (37934) දිසානායක සහ පො. කො. (90916) හරිහරන් යන නිලධාරීහු සහභාගී වූහ. පොලිස් කොස්තාපල් නවරත්න බණ්ඩාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img