තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පොහොට්ටු ආණ්ඩුවක්-ප්‍රසන්න රණතුංග

ඉදිරි මහා මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.

කඩවත කැනෝලා උත්සව ශාලාවේ දි පසුගිය දා (30) පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බල මණ්ඩලයේ දී රණතුංග මහතා මේ බව සදහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගත් ගිවිසුමේ කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය බව පැවසු රණතුංග මහතා ජනතාව ඉල්ලන ජයග්‍රාහි ලකුණ පොහොට්ටුව බව ද අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කිරීමට අපේක්ෂා කරන බව ද රණතුංග මහතා මෙහිදි කීවේ ය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වුණා. අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තා. නමුත් අපිට බහුතරය නෑ. බහුතරය නැතත් අපි අපේ ආණ්ඩුවට අන්තවාදීන්ගේ සහාය ගන්නේ නෑ. ජාතික ආණ්ඩු ගහලා නැවත මේ රටේ ජනතාව රැවැට්ටුවේ නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාව ලබා දුන් ජනවරමට අනුව යි. ඒ ජන වරමට පටහැනි කිසිවක් කරන්න අපි සුදානම් නෑ. ඒ ජන වරම අපි දිවි හිමියෙන් රකිනවා.

අපි ලැබු ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල් රාජපක්ෂ මහතා යි. 2015 ජනාධිපතිවරණ පරාජයේ දි එහි වගකීම බාරගන්න කිසිවෙකු සිටියේ නෑ. ඒ වගකීම බාරගත්තේ බැසිල් රාජපක්ෂ මහතා යි. ඔහු එදා රටින් පිටව ගියා ම හැමෝම ඔහු ට බැන්නා. නමුත් එතුමා නැවත ලංකාවට ඇවිදින් අපිට කීවේ මම නැවත මහින්ද මහත්තයව රටේ නායකයා කරවන බවයි. පොහොට්ටු පක්ෂය හදමින් ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා කළ මෙහෙය අපිට කිසිසේත් අමතක කරන්න බෑ.

මේ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලයෙන් ම රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නා. පසුගිය ආණ්ඩුව ජනතාව  මත පටවා තිබුණු අධික බදු බර ඉවත් කරන්න කටයුතු කළා. සමහරු කිව්වේ මේ බදු කවදාවත් ඉවත් කරන්න බෑ කියලයි . ආණ්ඩුව බලාගෙන ඉන්නවා මේ ලබා දුන් බදු සහනවල වාසිය ජනතාවට සෘජුව ම ලැබෙනවා ද කියලා. කවුරු හරි ඒවා ට බාධා කරනවා නම් ඒ අය ගැනත් අපි නිසි පියවර ගන්නවා.

ලබන පෙබරවාරි මාසයේ දි අපි අනිවාර්යෙන්ම ආණ්ඩුව විසුරුවනවා. ඉන් පසු පැවැත්වෙන මහා මැතිවරණයේ දි අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා .

ඒ ආණ්ඩුව අපි හදන්නේ පොහොට්ටුවෙන් . ශ්‍රීලනිපය සමග අප එළඹි ගිවිසුම මොකක් වුණත් අපි ඉදිරියේ එන සියලු මැතිවරණ තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අපි ඒ ගැන අපේ නායකයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහත්වරු ද මෙහි දි තථා කළා.

ප්‍රදීප් අනුරකුමාර

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img