හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදුව නගර සභා ප්‍රදේශ, කැලණිය, බියගම, මහර දොම්පෙ, ගණේමුල්ල, රතුපස්වල යන ප්‍රදේශවලට හෙට 17උදේ 8 සිට පැය 24 ක කාලයක් පුරා ජල සැපයුම අත්හිටුවයි.