30 C
Negombo
30 C
Negombo

ජනතා බදුමුදල් ගිලින කටාන ප්‍රාදේශීය සභාවේ දොළොස් මහේ පහන්

-

කටාන ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල  දිවාකාලයේ  දැල්වෙන විදි ලාම්පු වලින් වසරකට ලක්‍ෂ ගණනක් වටිනා විදුලිය අපතේ යනබව දක්නට ඇත.

අපකල ඝවේෂණයකට අනුව කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ  එක කිලෝමීටරයක් ඇතුලත විදිපහන් 40 ක් පමණ සවිකර ඇති අතර මේවා දැල්වීමට සහ නිවාදැමීමට ක්‍රමයක් සකස්කර නැත.

මෙම වීදිලාම්පු වලින් 20 කට ආසන්න  ප්‍රමාණයක් මහමග යන කිසිවෙකු විසින් නිවා දමනතෙක් දිවා කාලයේ පැය කිහිපයක්  දැල්වෙන අතර එක කිලෝම්මිටරයක  දිවා රාත්‍රී දෙකෙහිම දැල්වෙන   විදුලි ලාම්පුව 6 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ඇත. මේ නිසා එක කිලෝමීටරයක් ඇතුලත වසරකට  රුපියල් 54000/= කට අසන්න වටිනාකමක් ඇති විදුලිය අපතේ යාමක් සිදුවේ.එමෙන්ම විදුලි බුබුළුවල ජිවකාලය ඉක්මනින් අවසන්වී දැවියාමද සිදුවේ.

මෙම විදුලි නාස්තිය සිදුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ.කිසිදු සැලැස්මකින් සහ පිළිගත් ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික උවමනාවන් මත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි විදි පහන් සවිකිරීමට ඉඩදී තිබීමය.

සවිකර ඇති සමහර විදි ලාම්පු   පෞද්ගලික වියදමින් ආලෝකමත්කරගත යුතු ස්ථාන වෙනුවෙන් සවිකර ඇති අතර ඒවායේ විදුලි සුවිචය සවිකර ඇත්තේද එම දේපල තුල වනබැව්න් දිවා රාත්‍රී දෙකෙහි දැල්වී තිබුනත් එම විදුලි පහන් නිවා දැමීමට එම මාර්ග වල ගමන් කරන පුරවැසියෙකුට හෝ හැකියාවක් නැත.

මනාපයක් ලබාගැනීම සදහා කිසිදු සැලැස්මකින් සහ පිළිගත් ක්‍රමවේදයකින් තොරව සවිකර දිවා රාත්‍රී දැල්වෙමින් පිලිස්සී යන්නේ මෙරටේ ජනතාවගේ බදු  මුදල්ය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.