උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා – මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක්

කිසිදු පක්ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව සියළුම උපාධිධාරින්ට උපාධිය ලබා ගත් වර්ෂානුකූලව නිසියාකාර බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් යටතේ රැකියා ලබා දෙන බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

තවද ඒ ඒ සුදුසුකම් යටතේ සුළු සේවකයින්ටද රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද(17) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

මෙහදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට  බලාපොරොත්තු වන බව කීය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම උදෙසා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ  මහතා, මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් සහ සහන වාහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.

පූර්ණ කාලීනව මාධ්‍ය ක්ෂේත්‍ර යේ නියැලෙන ජනමාධ‍්‍යවේදීන්ට පළාත් මට්ටමින් ජනමාධ්‍ය Press club පිහිටුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවත් ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මෙම සහන ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා  මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සෑම විටම රජය කටයුතු කරන බවත් සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපතිධූරයට පත් වීම  සාධාරණ ලෙස බලය හුවමාරු වූ අවස්ථාවකට නිදසුනක් බවද කිසිවෙකුටත් එහිදී පීඩාවක් නොවූ බවද පැවසූ ඒ මහතා රටේ ප්‍රබෝධයක් ඇති වී  තිබෙන මේ මොහොතේ තරුණ තරුණියන් පවා රට පිළිබඳව හැඟීමකින් කටයුතු කරන බවද එහෙත් ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය වැනි සිද්ධීන්ගෙන් අතැම් පිරිස් අපේ රට, රටවල් අතර සහ ලෝකයේ අපකීර්තියට ලක් කරන බවද සඳහන් කර සිටියේය

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img