විපක්‍ෂනායකකම බාරගැනීම නොගැනීම ඉදිරියේදී බලාගන්න – සජිත් ප්‍රේමදාස

අපි අධිකරණයට ගරුකළ යුතුයි අධිකරණ ක්‍රියාමාර්ග පිලිබදව මත පළකරන්නේ නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ අද 21 සෙනසුරාදා සවස මිගමුව බන්ධනාගාරයට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේන පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා ගේ සහ කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටින     මිගමුව   මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ගේ සුවදුක් විමසීම සදහා සජිත් ප්‍රේමදාස මහතා මිගමුව බන්ධනාගාරයට පැමිණ තිබුණි.

විපක්‍ෂනායකකම බාරගැනීම නොගැනීම පිලිබදව ඉදිරියේදී බලාගන්න පුළුවන් කලකිරීමක් නෑ පක්ෂයේ බෙදීමක් නෑ සියල්ලම හොදින් සිදුවෙයි.යයිද පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ස්තුති කිරීම් රැස්වීම මාලාව මගින් සියලු අදහස් පිළිවෙලකට ඉදිරිපත්කරන බවත් හරිවිදියට මැතිවරණයට මුහුණ දුන්න්නොත් පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම අසීරු කාරණයක් නොවන බවද පැවසිය.

කියන්න ඇති සියලුදේ රටවටේම ගොස් රැස්වීම 154 ප්‍රකාශකරන බවද එම රැස්වීම්වලට පැමිණියහොත් ඔබ විමසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාගත හැකිබවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වෛද්‍ය කාවින්ද ජයවර්ධන  අශෝක් අබේසිංහ හෙක්ටර් අප්පුහාමි  යන   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද  මෙම අවස්ථාවට එක්ව තිබුණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img