වයස 30 යි දවසකට කුඩුවියදම 20000 යි – කොළබ පාරේ ගෙවල් 38කට මහදවල් රිංගයි

එක් දිනකදී රුපියල් විසිදහසක හෙරොයින්  පානය කිරීමට ඇබ්බැහිවි ඒ සදහා  අවශ්‍ය මුදල සොයාගැනීමට ගෙවල් 38 ක් බිදින ලද  30 හැවරදී විවාහකයෙකු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් කොළබ හලාවත මාර්ගයේ මහබාගේ සිට වෙන්නප්පුව දක්වා දිවා කාලයේදී  මෙම ගෙවල් බිදීම සිදුකර ඇත.සැකකරු කුරණ ප්‍රදේශයේ නිවසක් බිදීමට සුදානම් වෙමින් සිටියදී අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් 45148 පෙරේරා නිලධාරියාට   ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල මුලික විමර්ශන වලින් අනාවරණය වූ තොරතුරු අනුව මහභාගේ වෙන්නපුව කොච්චිකඩේ සිදුව මිගමුව යන ප්‍රදේශ වල ගෙවල් බිදීම් සිදුකර රන් ආභරණ ලැප්ටොප් ජංගම දුරකථන විද්‍යුත්  උපකරණ සොරකම්කර ඇත්තේ නිවෙස් හිමියන් නොමැති  නිවාස දිවා කාලයේවීම විශේෂත්වයකි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු අනුව උකස්කර සහ විකුණා තිබු සොරකම් කරනලද රන් අභරණ ඇතුළු භාන්ඩ රැසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

දිනකට මත්ව්ම සදහා අවශ්‍ය රුපියල් 20000 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් එකක් පානය කර ඇතිබව කියන  හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මාතර පිහිටි ඔහුගේ බිරිදගේ නිවසින්ද රන් අභරණ සොරකම් කර විකුණා මත්කුඩු මිලදී ගෙන ඇතිබවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත

වැඩිදුර විමර්ශන සදහා සැකකරුගෙන්  ප්‍රශ්න කිරම සදහා  රදවීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කර ඇති  මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයනාත් උප පොලිස් පරීක්‍ෂක චාමර ප්‍රදීප් පොලිස් සැරයන් 21862 නිශාන්ත පොලිස් කොස්තාපල් 45148 පෙරේරා යන නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මිගමුව ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මතසහකාර පොලිස් අධිකාරී රංජිත් කොට්ටච්චි මහතාගේ  අදීක්ෂණයෙන්  මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන වැඩිදුර  විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img