ජනපතිගේ වැඩපිළිවෙළ පිළිබඳ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බව පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති

අභියෝග හමුවේ පසුපසට නොගොස් තැබු පියවර ඉදිරියටම තබමින් ජනතා අපේක්ෂා ඉටුකරන ලෙස ඉල්ලා සිටි අනුනායක හිමියෝ ඒ සඳහා ජනාධිපතිතුමා වෙත තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළහ.

අද (20) පස්වරුවේ වාද්දුව තල්පිටිය බෝධිරාජ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

විශේෂ අනුශාසනාවක් කරමින් කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ සඳහන් කළේ අඩු නිපුණතාවකින් යුත් තරුණ තරුණියන්ට රජයේ රැකියා ලබාදීමේ ජනපතිගේ වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවයි. රට දියුණුව කරා ගෙන යා හැක්කේ ඇති මිනිසුන් තවත් ඇති අය බවට පත්කිරීමෙන් නොව පොඩි මිනිසුන් නගා සිටුවීමට විධිමත් පියවර ගැනිමෙන් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“අත්කම් කර්මාන්තය කෙරෙහි මෙරට ජනතාවගේ විශාල උනන්දුවක් පවතී”. එ සඳහා වැඩි වටිනාකමක් ලබාදෙමින් ඔවුන් දිරි ගැන්වීම කෙරෙහි ද අනුනායක හිමියෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති ආචාර්ය හෝමාගම ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහින්ද සමරසිංහ, විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

PMDNEWS

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img