ජනපතිගේ වැඩපිළිවෙළ පිළිබඳ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බව පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති

-

අභියෝග හමුවේ පසුපසට නොගොස් තැබු පියවර ඉදිරියටම තබමින් ජනතා අපේක්ෂා ඉටුකරන ලෙස ඉල්ලා සිටි අනුනායක හිමියෝ ඒ සඳහා ජනාධිපතිතුමා වෙත තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළහ.

අද (20) පස්වරුවේ වාද්දුව තල්පිටිය බෝධිරාජ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

විශේෂ අනුශාසනාවක් කරමින් කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ සඳහන් කළේ අඩු නිපුණතාවකින් යුත් තරුණ තරුණියන්ට රජයේ රැකියා ලබාදීමේ ජනපතිගේ වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවයි. රට දියුණුව කරා ගෙන යා හැක්කේ ඇති මිනිසුන් තවත් ඇති අය බවට පත්කිරීමෙන් නොව පොඩි මිනිසුන් නගා සිටුවීමට විධිමත් පියවර ගැනිමෙන් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

“අත්කම් කර්මාන්තය කෙරෙහි මෙරට ජනතාවගේ විශාල උනන්දුවක් පවතී”. එ සඳහා වැඩි වටිනාකමක් ලබාදෙමින් ඔවුන් දිරි ගැන්වීම කෙරෙහි ද අනුනායක හිමියෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති ආචාර්ය හෝමාගම ධම්මානන්ද යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, මහින්ද සමරසිංහ, විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

PMDNEWS

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here