Wednesday, September 30, 2026
26 C
Negombo

සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට

ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකි. මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිණිස උපකාරක පන්තිවල ශිෂ්‍යභාවය ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමඟ මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්හිටවූ සිරදඬුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණය කර ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමෙන් පසුව  පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරීක්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් දුරකථන විශ්ලේෂණ වාර්තා ද කැඳවා තිබේ.

මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කර සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කර ඇති බවද පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය සමඟ සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළ පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් ද සොයා ගෙන ඇත

lankaadeepa.lk

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img