රන්ජන්ගේ හඬ පට ගබඩාව ගැන නිවැරදි ඔත්තුව දුන්නේ ඔහුගේම මිතුරෙක්..

රන්ජන් රාමනායත මහතාගේ හඬ පට තොගය ගැන නිවැරදි ඔත්තුව දුන්නේ ඔහුගේම මිතුරෙක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේ රජයට මිලියන ගණනක් පාඩු කරමින් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අදාලව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත දක්වමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

පසුගිය ආණ්ඩුවේ ප්‍රධානතම වංචා-දූෂණ දහයක් පිළිබඳව එදා අප අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි කළා. ඒ දූෂණ 10 තමයි අප top 10 විදියට හඳුන්වලා පොතක් විදිහට මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කළේ. මම අල්ලස් කොමිසමට පැමිණිල්ල සිදු කළේ 2017 පෙබරවාරි 15 වෙනිදා වුවත් ඒ පිළිබඳව මීක් කියලා ශබ්දයක්වත් තිබුනේ නෑ.

තුන් වසරකට පසුව අල්ලස් කොමිසම සුව නින්දෙන් අවදි වෙලා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ දූෂණ පිළිබඳව මා කළ පැමිණිල්ල විමර්ශනය කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා. මේ වංචා-දූෂණ 10 පිළිබඳවම කඩිනමින් කටයුතු කරාවි කියලා අප බලාපොරොත්තු වෙනවා. හොඳට විවේක ගත්තා දැන් ඇති. දැන් වැඩේට බැහැලා තිබීම ගැන අප අල්ලස් කොමිසම ගැන සතුටු වෙනවා. මෙය කාර්යක්ෂමව සිදු වෙනවද කියන එක ගැන අප විමසිල්ලෙන් බලා සිටින බව අප රටටත් විශේෂයෙන්ම අල්ලස් කොමිසමටත් ප්‍රකාශ කරනවා.

රංජන් රාමනායක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාව අපට දොස් නගනවා. පිස්තෝලයක් තිබුන කියලා, නිල් චිත්‍රපට තිබුණා කියලා මෙයාව අත්අඩංගුවට ගත්තා නේද කියලයි දොස් නගන්නේ. ඒක පට්ටපල් බොරුවක්. පොලිසිය සිදුවීම නිසිලෙස වාර්තා නොකිරීම නිසයි මේ වැරදීම රටට ගිහිල්ලා තියෙන්නේ. පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන තියෙන්නේ.

රංජන් රාමනායක මන්ත්‍රිතුමා තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් ස්වයංක්‍රීයව ගබඩාවන ඇප් එකක් දමා ගෙන සිටිනවා. මෙම දුරකථනයේ තිබෙන වාර්තාවන්ට අනුව පසුගිය රජය සමයේ විනිශ්චකාරවරුන්ට පොලිසියේ නිලධාරීන්ට තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා බලපෑම් කළ ආකාරය අපූරුවට සටහන් වෙලා තියෙනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාගේ සමීපතම මිත්‍රයෙක් තමයි මෙම දුරකථනයේ මේවා සටහන් වන බවත් දුරකථනයේ මතක ගබඩාව පිරුණු විට ඒවා සීඩී තැටි වලට පිටපත්කර සියලුම දුරකථන සංවාද අරන් තියා ගන්නා බවටත් රජයේ දේශපාලකයෙකුට තොරතුරු ලබා දුන්නේ. එම දේශපාලකයා රංජන්ගේ මිත්‍රයාව පොලිසිය වෙත යොමු කරලා. පොලිසියට ඔහු විසින් ලබා දුන් දුරකථන සංවාද වලට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පොලිසියට සහ අධිකරණයට කළ බලපෑම් හෙළිවුණා.

ඊට කලින් හිටපු සොලිසිටර් ජනරාල්වරයෙක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියක් වගේම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පාපොච්චාරණය කරමින්, තමන් දේශපාලන බලපෑම් මත දේශපාලන දඩයම් වලට සම්මාදම් උනාය, නැතිනම් සම්මාදන් වීමට බල කළාය කියලා ප්‍රසිද්ධ කලා. සෑම විටම පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් එය ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කළා. සාක්ෂි තිබුණේ නැහැ. ප්‍රකාශ පමණයි.

නමුත් ඔන්න දැන් සාක්ෂි එලියට ඇවිත් තියෙනවා. ඒ නිසා පොලිසිය සෝදිසි වරෙන්තුවක් ගත්තේ සිල්ලර කාරණයකට නෙවෙයි. පසුගිය වසර පහ තුළ අධිකරණයට රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටු කිරීමට බලපෑම් සිදුවූ බවට සාක්ෂි තිබෙන තැනින් එම සාක්ෂි අරගන්නයි. එතන ගිහිල්ලා පරික්ෂා කරද්දී පිස්තෝලයක් හමු වෙනවා. පිස්තෝලයක් හමුවුනාම පොලිස් නිලධාරීන් බැඳිලා ඉන්නවා නිවසේ අයිතිකරුගෙන් ඒ පිළිබඳ බලපත්‍රය ඉල්ලා සිටින්න. බලපත්‍රය නොමැතිනම් ඒ පිළිබඳව උසාවියට වාර්තා කරන්න. පොලිසිය ගිය වැඩේ කළා.

දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට අධිකරණය සහ පොලීසිය භාවිතා කළ ආකාරය පිළිබඳව ප්‍රබල සාක්ෂි පොලීසියට ලැබුණ. ඊට අමතරව එතැන තිබුණා බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සහ අසභ්‍ය වීඩියෝ පට. නමුත් පොලිසිය ගියේ මේවා අල්ලන්නට නොවෙයි. ඒවා සිල්ලර කාරණා තමයි. අල්ලන්නට ගියේ අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධව විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිබඳව පිළිබඳව තිබෙන ප්‍රබල සාක්ෂි සහිත සී ඩී පට. ඒ සියල්ල දැන් අහු වෙලා ඉවරයි. මෙදා පොටේ නම් රන්ජන් පමණක් නොවෙයි රන්ජන්ට උඩින් සිටි අයත් අමාරුවේ වැටිලා ඉවරයි කියන එක අප ජනතාවට දැනුම් දෙනවා.

– අරවින්ද අතුකෝරල

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img