ජෝකර්ලා නිසා පාර්ලිමේන්තුව  අධිකරණය මෙන්ම රටත්  හෑල්ලුවෙලා -සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ

පාර්ලිමේන්තුවට ආපු  ජෝකර්ලා නිසා පාර්ලිමේන්තුව  අධිකරණය මෙන්ම රටත්  හෑල්ලුවෙලා පාර්ලිමේන්තුව යතාතත්වයට ප්‍රකෘති තත්වයට පත්කර විශ්වාශනියත්වය ඇතිකර ගැනීම සදහා  හොද පිරිසක් මීලග මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්කර ගැනීම  ජනතාවගේ වගකීමක් බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේසඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරයාගේ 67 වන ජන්මදින සැමරුම යෙදීතිබු අද 11 දින වැලිහේනේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවසේදී  පොදුජන එක්සත් පෙරමුණේ කටාන ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සාමාජිකයන්ට  ස්තුති කිරීමේ අවස්ථාවට  එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් ප්‍රකාශකළේය

පසුගිය ජනාධිපතිවරණයේදී ඝෝටභය  රාජපක්‍ෂ මහතා   ජයග්‍රහණයකරවීම  සදහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල කාර්යභාරයක් සිදුකලා

ජෙයරාජ් දේශපාලනය කිරීමටම ඉපදුනු අයෙකු බවත් ඔහු ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම්ගෙන ජනතාවගේ පැත්තේ සිට සටන්කළ බවත් පාර්ලි‌‌මේන්තුව තුල මෙන්ම ඉන් පිටතදිත් ජනතාව වෙනුවෙන් නොබියව කොන්ද කෙලින් තබාගෙන අදහස් ප්‍රකාශ කළබවත් ඔහු බලාපොරොත්තුවූ කටානේ සංවර්ධන කටයුතු නතරවූ තැනින් ඉදිරියට ගෙනයාම සදහා  කටානේ  ජනතාවගේ ඉල්ලීම මත තමන්  දේශපාලනයට  එක්වූ බවද   සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය රැකගැනීම සදහා ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා නොබියව කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව නොබියව අදහස් ප්‍රකාශකිරීමේ ප්‍රතිපලයක් ලෙස 2008 අප්‍රේල් මස 6 දින එතුමා ඝාතනය කලබව සිහිපත් කල සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එතුමා වෙනුවෙන් තමන්ට මනාපය පලකල කටාන ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකළ බව පෙන්වා දුන්නේය.

ජන්දය දුන් ජනතාවගේ ගෞරවය කෙලෙසෙන කිසිවක් නොකළබවත් ඉදිරියේදීද නොකරනබවත් කටානේ ජනතාවට බරපතල ගැටලුවක්ව පැවති පානීය ජලගැටලුව විසදීම සදහා කටාන ජල යෝජනාක්‍රමය  ආරම්භකර ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් මේ වසරතුල එම ජලයෝජනාක්‍රමය අවසන්වන බවද ඉදිරියේදීද ජනතාව වෙනුවෙන් සේවයකිරීමට කැපවනබවද වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කළේය.

මනාප ක්‍රමය තුල කාන්තාවන්ට දේශපාලනය කිරීම ඉතාමත්ම අසිරුකාර්යක් හැමවිටම කකුලෙන් ඇදලා පල්ලෙහට දමන්න බලනවා වරදක් නැත්නම වරදක් ගොතලහරි කියනවායයිද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img