ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවිය.
තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.
ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජයලත් මනෝරත්න මහතා විශිෂ්ට කලාකරුවෙකු ද විය.
දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය.