ජෝකර්ලා නිසා පාර්ලිමේන්තුව  අධිකරණය මෙන්ම රටත්  හෑල්ලුවෙලා -සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ

-

පාර්ලිමේන්තුවට ආපු  ජෝකර්ලා නිසා පාර්ලිමේන්තුව  අධිකරණය මෙන්ම රටත්  හෑල්ලුවෙලා පාර්ලිමේන්තුව යතාතත්වයට ප්‍රකෘති තත්වයට පත්කර විශ්වාශනියත්වය ඇතිකර ගැනීම සදහා  හොද පිරිසක් මීලග මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්කර ගැනීම  ජනතාවගේ වගකීමක් බව ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේසඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරයාගේ 67 වන ජන්මදින සැමරුම යෙදීතිබු අද 11 දින වැලිහේනේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවසේදී  පොදුජන එක්සත් පෙරමුණේ කටාන ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ සාමාජිකයන්ට  ස්තුති කිරීමේ අවස්ථාවට  එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් ප්‍රකාශකළේය

පසුගිය ජනාධිපතිවරණයේදී ඝෝටභය  රාජපක්‍ෂ මහතා   ජයග්‍රහණයකරවීම  සදහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල කාර්යභාරයක් සිදුකලා

ජෙයරාජ් දේශපාලනය කිරීමටම ඉපදුනු අයෙකු බවත් ඔහු ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම්ගෙන ජනතාවගේ පැත්තේ සිට සටන්කළ බවත් පාර්ලි‌‌මේන්තුව තුල මෙන්ම ඉන් පිටතදිත් ජනතාව වෙනුවෙන් නොබියව කොන්ද කෙලින් තබාගෙන අදහස් ප්‍රකාශ කළබවත් ඔහු බලාපොරොත්තුවූ කටානේ සංවර්ධන කටයුතු නතරවූ තැනින් ඉදිරියට ගෙනයාම සදහා  කටානේ  ජනතාවගේ ඉල්ලීම මත තමන්  දේශපාලනයට  එක්වූ බවද   සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ රජය රැකගැනීම සදහා ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා නොබියව කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව නොබියව අදහස් ප්‍රකාශකිරීමේ ප්‍රතිපලයක් ලෙස 2008 අප්‍රේල් මස 6 දින එතුමා ඝාතනය කලබව සිහිපත් කල සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එතුමා වෙනුවෙන් තමන්ට මනාපය පලකල කටාන ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකළ බව පෙන්වා දුන්නේය.

ජන්දය දුන් ජනතාවගේ ගෞරවය කෙලෙසෙන කිසිවක් නොකළබවත් ඉදිරියේදීද නොකරනබවත් කටානේ ජනතාවට බරපතල ගැටලුවක්ව පැවති පානීය ජලගැටලුව විසදීම සදහා කටාන ජල යෝජනාක්‍රමය  ආරම්භකර ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් මේ වසරතුල එම ජලයෝජනාක්‍රමය අවසන්වන බවද ඉදිරියේදීද ජනතාව වෙනුවෙන් සේවයකිරීමට කැපවනබවද වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කළේය.

මනාප ක්‍රමය තුල කාන්තාවන්ට දේශපාලනය කිරීම ඉතාමත්ම අසිරුකාර්යක් හැමවිටම කකුලෙන් ඇදලා පල්ලෙහට දමන්න බලනවා වරදක් නැත්නම වරදක් ගොතලහරි කියනවායයිද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here