දුම් පානය කරන සහ පානය කළ පුද්ගලයන්ට “වැඩි වේදනාවක්”

කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව වාර්තාවක් පෙන්නුම් කරයි.

ඉහත කී සොයා ගැනීම්වලට පදනම වී ඇත්තේ ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ මෙහෙය වීමෙන් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයකි.

ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා නමුත් දුම් පානය හේතුවෙන් ශරීරයට සිදුවන ස්ථීර වෙනස්කම් ඊට ඇතුළත් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

දුම්වැටි විරෝධී ආයතනයක් වන ‘ඈෂ්’ (Ash) කියා සිටියේ දුම් පානයේ අනතුරුදායී බව දෙස බලන විට ඉහත කී සොයා ගැනීම් පුදුමයක් ලෙස නොගත යුතු බවය.

බීබීසී ලැබ් යූකේ ස්ටඩී හි (BBC Lab UK Study/ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන පරීක්ෂණ සහ සමීක්ෂණ සඳහා මහජනයාට සහභාගී විය හැකි බීබීසී වෙබ් අඩවියක්) 2009 -2013 අතර කාලයේ ලබා ගත් අන්තර්ජාල පර්යේෂණ එකතුවක දත්ත විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කරනු ලැබිණි.

එකී දත්ත ඛාණ්ඩ තුනකට වෙන් කරන ලදී:

  • කිසිදාක දිනපතා දුම් පානය කර නැති
  • දිනපතා දුම්පානයට පුරුදුව සිටි
  • හෝ දැනට දිනපතා දුම්පානය කරන

එදිනෙදා ජීවිතයේදී කෙතරම් වේදනාවකින් පෙලුනේ දැයි ඔවුන්ගෙන් විමසන ලද අතර එය 0 – 100 ත් අතර මිනුම් දණ්ඩකට පරිවර්තනය කරනු ලැබිණි. එනම් වේදනාව වැඩි වන විට මිනුම් දණ්ඩෙහි දැක්වෙන අගය ද වැඩි වේ.

CigaretteImage copyrightGETTY IMAGES

කිසිදාක දුම්පානය කර නැති පුද්ගලයන්ට වඩා දැනට දුම් පානය කරන සහ අතීතයේ දුම් පානය කළ පුද්ගලයන්ගේ, වේදනාව දැනීමේ අගය එකකින් හෝ දෙකකින් වැඩි බව ‘ඇඩික්ටිව් බිහේවියර්ස්’ (Addictive Behaviors/ ඇබ්බැහිකාරී චර්යා) ජර්නලයේ අඩංගු අධ්‍යනය පෙන්නුම් කරයි.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් දුම් පානය අත්හැර තිබුණ ද වඩාත් වැඩි වේදනාවකින් දිවි ගෙවීම සහ දුම්පානය අතර සම්බන්ධයක් ඇත.

“ප්‍රධානම සොයා ගැනීම වන්නේ අතීතයේ දුම් පානය කළ පුද්ගලයනුත් උත්සන්න වේදනාවේ බලපෑමට හසු වීමයි” යනුවෙන් ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ හි පර්යේෂිකාවක වන ආචාර්ය ඔල්ගා පර්ස්කි බීබීසී වෙත පැවසීය.

“මෙය ඉතා විශාල දත්ත එකතුවක්. අපට හොඳ නියැදියක් ලැබී තිබෙනවා. ඒ නිසා මෙහි යම් සම්බන්ධයක් ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබිය හැකියි” යනුවෙන් ඇය සඳහන් කළාය.

“නමුත් එයට සායනික වශයෙන් අර්ථයක් දිය හැකි දැයි කියා අපට කිව නොහැකියි”

ආචාර්ය පර්ස්කි වැඩිදුරටත් කියා සිටියේ වඩාත් තරුණ වයස් කණ්ඩායම් (අවුරුදු 16 සිට 34 දක්වා) තුළ වේදනාව ඉහළ මට්ටමක් ගන්නා බව සොයා ගැනීම වඩාත් සුවිශේෂී බවය.

සිදුවන්නේ කුමක්ද?

Getty ImagesImage copyrightGETTY IMAGES

එවැනි බලපෑමක් පැවතිය හැක්කේ ඇයිදැයි යන්න පිළිබඳ ස්ථීර පැහැදිලි කිරීමක් නොමැත.

දුම් වැටි හේතුවෙන් ශරීර ගත වන දුමෙහි අඩංගු දහස් සංඛ්‍යාත රසායනික ද්‍රව්‍ය නිසා පටකවලට විය හැකි ස්ථීර හානිය හමුවේ වේදනාව ඇති විය හැකි බව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන එක් අදහසකි.

තවත් එක් අදහසක් වන්නේ දුම් පානය හේතුවෙන් හෝමෝන පද්ධතියට දීර්ඝ කාලීන බලපෑම් එල්ල වීමට ඇති හැකියාවය.

එම අදහස විශේෂයෙන් වේදනාවට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි යන්න හා සම්බන්ධ හයෝපෝතැලමස් පිටියුටරි අධිවෘක්ක අක්ෂස්ථිය (HPA-axis) වටා බැඳී පවතී. එම අක්ෂස්ථියෙහි සමබරතාවය ගිලිහීම වඩාත් වැඩි වේදනාවක් දැනීමට හේතු විය හැක.

දුම් පානය රෝගවලට හේතුවක් නොව රෝග නිමිත්තක් වීමට ඇති හැකියාව ද එලෙසම පවතී.

උදාහරණයක් වශයෙන් වඩාත් තීව්‍ර වේදනාවක් දැනීම සහ දුම්පානයේ ඇති ඉහළ අන්තරායකාරී බව ස්නායුව්‍යධික පෞර්ෂ ගති ලක්ෂණවලට සම්බන්ධ යයි අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.

සාමාන්‍ය වශයෙන් වැඩි වේදනාවක් දැනීමට ඉඩ ඇති ආකාරයේ පුද්ගලයන් දුම් පානයට යොමු විය හැකි ආකාරයේ පුද්ගලයන් වීමට ද ඉඩ තිබේ.

“මෙය නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු කාරණයක්” යනුවෙන් ආචර්ය පර්ස්කි පැවසුවාය.

මීට පෙර සිදු කරන ලද දුම් පානය හා සම්බන්ධ නිදන්ගත වේදනාව සහ කොඳු නාරටියේ වේදනාව පිළිබඳ පර්යේෂණ සහ ඉහත කී නවතම අධ්‍යනය හොඳින් සමපාත වන බව ඇයගේ අදහසය.

“නිරන්තර දුම්පානය අත්හැරියත් එමගින් වේදනාව හා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන බලපෑම් ඇති විය හැකියි. හැකි ඉක්මනින් දුම් පානයෙන් මිදීමට එය වඩාත් හොද දිරිගැන්වීමක්” යනුවෙන් ආචාර්ය පර්ස්කි බීබීසී වෙත කියා සිටියාය.

Getty ImagesImage copyrightGETTY IMAGES

දුම්වැටි විරෝධී ආයතනයක් වන ‘ඈෂ්’ හි (Ash) ප්‍රධාන විධායිකා ඩෙබොරා ආනොට් පැවසුවේ “දුම් පානය පෙනහළු පිළිකා ඇති කරන බවට සාක්ෂි සොයා ගත්තේ 1950 ගණන් වලදී. දුම්පානය නිසා සියලුම රෝගී තත්ත්වයන් පාහේ ඇති විය හැකි බව හෝ එය රෝග උත්සන්න කිරීමට හේතු විය හැකි බවට සාක්ෂි එතැන් සිට මේ දක්වා ඉහළ ගොස් තිබෙනවා” යනුවෙනි.

“පිළිකා, හදවත් සහ ශ්වසන රෝග, පෙනීම සහ ඇසීම නැතිවීම, දියවැඩියාව, ඩිමෙන්ෂියාව සහ වඳ භාවය ඊට ඇතුළත්. දුම් පානය කරන්නන් ශල්‍යකර්මවලින් පසු සුව වීමට වැඩි කාලය ගන්නවා වගේම අසාර්ථක වීමට ඇති ඉඩත් වැඩියි”

“ඒ නිසා, කිසිදාක දුම්පානය නොකළ පුද්ගලයෙකුට වඩා දුම්පානය කරන්නන්ට වඩාත් වේදනාවක් උරුම වීම පුදුමයක් නොවෙයි,

BBC SINHALA

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img