2015 වසරේ සිට දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයින්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි

2015 වසරේ සිට දේශපාලන පළිගැනීම් වලට සහ අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයින් ගේ ගැටළු විමර්ෂණය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කොමිෂන් සභාව ක්‍රියාත්මක වන බවත් එසේ අසාධාරණයට සහ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රාජ්‍ය සේවකයන්ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙයේ පිහිටුවා ඇති එම කොමිසම් සභා කාර්යාලයට පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(14) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වැනි දින සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ පසුගිය සිවු වසරකට ආසන්න කාලසීමාව තුළ රජයේ නිලධාරීන් , රාජ්‍ය සංස්ථාවල සේවකයින් , සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයින් ඇතුළු දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සියළුම නිලධාරින් මෙම කොමිෂන් සභාවට පැමිණ කඩිනමින් කරුණු ඉදිරිපත් කරන සියලුම රාජ්‍ය සේවකයන්ට දන්වා තිබේ විශේෂයෙන්ම මාස 06ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කර ඇති අතර ඒ අනුව හැකි ඉක්මනින් පළමු මාස 02 ඇතුළත්ව මෙම කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img