මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවාඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙම යෝජනාව ඉදිරි පත්කර තිබිණි.
දැනටබස්නාහිර පළාත්සභාව මගින් පාලනය වන මිගමුව දිස්ත්‍රික් මහාරෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස විවිධ පාර්ශව කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ඉල්ලීම කරන ලද අතර මිගමුව මහානගරසභාව විසින් ද රෝහල මධ්‍යම රජයට පවරාගතයුතු බවට ඒක ජන්දයෙන් සම්මත කරන ලද යෝජනාවක් වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.
කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපල නිදහස් ආයෝජන කලාපය මෙන්ම සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මිගමුව නගරයේ පිහිටි මිගමුව දිස්ත්‍රික් මහරෝහල එම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස සංවර්ධනය කලයුතු වුවත් පළාත් සභාවට එය සිදුකල නොහැකිබව පසුගිය කාලය තුල දැකගතහැකිවිය.
අදාල අමාත්‍යමණ්ඩල තීරණය මේ සමග පලකර ඇත