හිරු දෙවියන්පුදන තෛපොන්ගල් දිනය අදයි

“අස්වැන්න නෙලීමේ උත්සවය” යන අරුත් දෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලැබේ.

වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.
මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල්නාඩුවේය. ‘තායි පිරන්ඩල් වාලි පිරක්කුම්’ නැමැති දමිල කියමන මෙම උතසව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ “තායි මාසයේ නව උපත මහඟු අවස්ථා සඳහා මග පාදනු ඇත” යන්නයි.
පොංගල් උත්සවය සමරනු ලබන්නේ ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුවයි. තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිල මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් – ජනවාරි ) දින සතරක් පුරාවට, තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි – පෙබරවාරි ) සමරනු ලබයි.
‘භෝඝි’ ලෙස හදුන්වන උත්සවයේ පළමු දින, ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පුළුස්සා පැරණි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිළිගැනීම ද සමරනු ලබයි. පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙනි.
පොංගල් උත්සවය දින 3-4ක් පුරා පැවැත්වෙන අතර, තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් විශේෂ ස්ථානයක් ගනී.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img