අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායන්ට Mobile app එකක්

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අවශ්‍ය වෙළද පොල සකසා දීමට සහ දේශීය හා විදේශීය වශයෙන් සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සදහා ඉදිරියෙදී නව අලෙවි ප්‍රවර්ධන අයදුමක් (Mobile app)  හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ග්‍රාම ශක්ති වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහන් වලට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ගමේ ප්‍රශ්න සාකච්ජා කළ හැකි හොදම වේදිකාව ග්‍රාම ශක්ති වැඩසටහන බවත් මෙමගින් ගමේ දුප්පත් ව්‍යවසායකයා නගා සිටුවිය හැකි බවයි.

වෙළදපොලේ වැඩි ඉල්ලුමක් පවතින නිෂ්පාදන සදහා අඩු ආදායම් ලාභි ජනතව යොමු කර ඒ සදහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු කරන බවත් සිය ව්‍යාපාර නගා සිටුවා ගැනීමට ක්ෂද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රමය හරහා ණය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී පැවසීය.

එක් ගම්මානයක් එක් නිෂ්පාදන ක්‍රියාවලියක් සදහා යොමුකර දැවන්ත ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් එමගින් නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් හා ඒවා අලෙවි කර ගැනීමේ කටයුතු පහසු කරගත හැකියි. දැනට පවතින අඩුපාඩු හා දුර්වලතා හදුනාගෙන ඉදිරි වර්ෂ 5 කාලය තුල ග්‍රාම ශක්ති වැඩසටහන ඉදිරියට ගෙන යන බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන, දොම්පේ සහකාර ප්‍රාදේශීය ලේකම් එල්.ඩී.වී තිලකරත්න, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

ප්‍රසාද් බටුගහගේ

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img