අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායන්ට Mobile app එකක්

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අවශ්‍ය වෙළද පොල සකසා දීමට සහ දේශීය හා විදේශීය වශයෙන් සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සදහා ඉදිරියෙදී නව අලෙවි ප්‍රවර්ධන අයදුමක් (Mobile app)  හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ග්‍රාම ශක්ති වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහන් වලට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ගමේ ප්‍රශ්න සාකච්ජා කළ හැකි හොදම වේදිකාව ග්‍රාම ශක්ති වැඩසටහන බවත් මෙමගින් ගමේ දුප්පත් ව්‍යවසායකයා නගා සිටුවිය හැකි බවයි.

වෙළදපොලේ වැඩි ඉල්ලුමක් පවතින නිෂ්පාදන සදහා අඩු ආදායම් ලාභි ජනතව යොමු කර ඒ සදහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු කරන බවත් සිය ව්‍යාපාර නගා සිටුවා ගැනීමට ක්ෂද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රමය හරහා ණය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී පැවසීය.

එක් ගම්මානයක් එක් නිෂ්පාදන ක්‍රියාවලියක් සදහා යොමුකර දැවන්ත ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් එමගින් නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් හා ඒවා අලෙවි කර ගැනීමේ කටයුතු පහසු කරගත හැකියි. දැනට පවතින අඩුපාඩු හා දුර්වලතා හදුනාගෙන ඉදිරි වර්ෂ 5 කාලය තුල ග්‍රාම ශක්ති වැඩසටහන ඉදිරියට ගෙන යන බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන, දොම්පේ සහකාර ප්‍රාදේශීය ලේකම් එල්.ඩී.වී තිලකරත්න, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

ප්‍රසාද් බටුගහගේ

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img