ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්‍රියාදාමයට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණයි. පොරොන්දු වූ පරිදි පනස් තුන්දහසකට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදිම මාර්තු 01 වනදා  ඇරඹේ.

විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමෙන් සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථීරභාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ. අදාළ ආයතන සමග සාකච්ඡා කර  සූදුසුකම් ඇති සියලුදෙනා ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. විශ්ව විද්‍යාලෙ සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන  සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ගතවූ දෙමස තුළ පුළුල්ව අධ්‍යයනය කරනු ලැබීය.

එකී ගැටලුවලට කඩිනමින් හොඳම  විසඳුමක් දීම  රජයේ අපේක්ෂාවයි. උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට පූර්ණ නිදහස ලබාදී ඇත. මෙය ඉතිහාසයේ  කිසිදු රජයක් නොගත් තීරණයකි.‍

ගැටලු විසඳා උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවීමට මුල්වන සාධක ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරිහූ උද්ඝෝෂණකරුවන්ට ඇහුම්කන්දීමට විශාල කාලයක් වැය කරති. විරෝධතා දක්වන කණ්ඩායම්වල ඉල්ලීම් බොහෝ සෙයින් සමානය. අද පමණක් (29) කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණය කළහ.  මේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට නිලධාරින්ට විශාල කාලයක් වැය වේ. මෙහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරීමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය  දිනෙන් දින අපතේ යාමය. විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවකි.  විරෝධතාකරුවන්ගේ ද කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යයි. මේ යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටි

PMDNEWS

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img