32 C
Negombo
32 C
Negombo

මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිල නියෝගයක් නිකුත්කරයි

-

වෙළදපොළෙහි  විකිණිම සඳහා  ඇති මුඛ ආවරණ  සඳහා  උපරිම සිල්ලර මිලක් නියම කිරීමට  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය අද (29)  තීරණය කර තිබේ.

කොරෝනා වෛරස්  තත්ත්වය  හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණන  ලබන බවට පළවූ වාර්තා සමඟ  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව මෙම නියම කිරීම සිදු කර ඇත.

ඒ අනුව  ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන)  රුපියල් 15 ක් වැනි මුදලකටද,  ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)  රුපියල් 15 ක් වැනි මුදලකට සහ  මුණ  ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වැනි මුදලකට අලෙවියට මිල නියම කර  තිබේ.

ඉහත මිල ගණන් අභිබවා මුඛ ආවරණ  අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.