Thursday, August 6, 2026
26.5 C
Negombo

කල් ඉකුත්වූ බේකරි අමුද්‍රව්‍යවලට අලුත් දින ඇලවූ වත්තල ගබඩාවක් වටලයි

අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1 1/2 ට අධික බව එම අධිකාරිය පැවසීය.

මෙම ස්ථානය වටලන අවස්ථාවේ  එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා  නව ලේබල්  අලවමින් සිටි බවද  පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික්  පාරිභෝගික කටයුතු  අධිකාරි   ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත්  කස්ටඩ් පවුඩර්,   පාන් සෑදීමට ගන්නා   වෝල් කොර්න්,   මෆින් මික්ස්,  ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන  බටර් වර්ග,  සමෝසා සෑදීමට ගන්නා  පිටිවලින්  සෑදු ෂීට්,  කේක් සැරසිලි  අමුද්‍රව්‍ය, වැනිලා,  ඇපල් බීම,   වර්ග  තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06   කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.

මෙම  ප්‍රධාන පෙළේ ආයතනය ආහාර  නිෂ්පාදන  සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන  යාමට අමතරව  බේකරි නිෂ්පාදන  සහ කේක්  අමුද්‍රව්‍ය  ඇමරිකාව,  ඩුබායි,   ජර්මනිය,  යන රටවල්  වලින් ආනයනය කර  වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද  පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.

අදාල සමාගමට එරෙහිව ඉදිරි සතියේ නඩු පැවරීමට නියමිතව ඇති අතර  එම කල් ඉකුත් වූ භාණ්ඩ සහිත  ගබඩාවට  මුද්‍රා තබා  එයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

lankadeepa

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img