මිගමුව කලපුව සංවර්ධනයට මුවාවී නිලධාරීන් පස් ජාවාරමක -මිලියන 7000 ආපසු යයි.

මිගමුව කලපු සංවර්ධනයට මුවාවී ධිවර කාර්යාලයේ සමහර නිලධාරීන්  කලපුවෙන් ඉවත්කරන පස්  විකිණීමේ ජාවාරමේ නිරතව සිටිනබවට මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හෙළිදරවු කෙරිණි.

මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති  ප්‍රජාසංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කමිටු රැස්වීම 31 දින    නගර ශාලාවේදී පැවත් විනි.

මිගමුව කලපුව සංවර්ධන සැලැස්මේ ප්‍රධාන කර්යවූ ජැටිය ඉදිකිරිම නොකර ධිවර කාර්යාලයේ ඉහල නිලධාරීන් කලපුව හැරීමට ප්‍රමුකතාවය දී ඇතිබවත් ඔවුන් එසේ කරන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන් සමග එකතුවී ගොඩදමන පස් විකිනීමට බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව නාගරික මන්ත්‍රී ඇන්ටන් ජයවීර මහතා පවසයි.

කලපුවෙන් ගොඩ දමන පස් පාසැල් පල්ලි නාගරික ක්‍රීඩාංගන ආදී පොදු ස්ථානවලට දැමිය යුතුබවට ගෙනතිබු  තීරණය  කඩකරමින් පස්ජාවරම සිදුකල බව පැවසූ නාගරික මන්ත්‍රීවරයා ජැටිය ඉදිනොකර කලපුව හැරීමට ඉදිරියේදී ඉඩනොදෙන බවද ධිවර ජනතාව සමහ නිලධාරීන්ගේ අකටයුතු කම්වලට එරෙහිව අරගල කරන බවද  සදහන් කළේය.

කලපුව සංවර්ධන කටයුතු සදහා මහින්ද රාජපක්ෂ රජය 2014 දී මිලියන 10000 ක මුදලක් වෙන්කර ව්‍යාපෘති  දුන් බවත් එම මුදල් වලින් මිලියන 7000 ක මුදලක් ප්‍රයෝජනයට නොගැනිම නිසා  මහ භාණ්ඩාගාරයට ආපසු හැරිගොස් ඇතිබව මෙහිදී අදහස් පලකල සංවර්ධන කමිටුවේ නියෝජය සභාපති සරත් කුමාර ගුණරත්න මහතා පැවසිය.

පැවති යහපාලන රජයේ ධිවර ඇමතිතුමා විසින් පත්කල  කලපුසංවර්ධනය කමිටුවේ සිටි රාජ්‍යනොවන සංවිධාන නියෝජිතයන්  සිදුකල විරෝධතා  නිසා  කලපුවේ සංවර්ධන  කටයුතු සිදුකිරීමට  බදාසිදුවුබව මිගමුව සහකාර ධිවර අධ්‍යක්ෂක එම එම ඩබ්ලිව් රන්ජිත් බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img