මිගමුව කලපුව සංවර්ධනයට මුවාවී නිලධාරීන් පස් ජාවාරමක -මිලියන 7000 ආපසු යයි.

මිගමුව කලපු සංවර්ධනයට මුවාවී ධිවර කාර්යාලයේ සමහර නිලධාරීන්  කලපුවෙන් ඉවත්කරන පස්  විකිණීමේ ජාවාරමේ නිරතව සිටිනබවට මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හෙළිදරවු කෙරිණි.

මිගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති  ප්‍රජාසංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කමිටු රැස්වීම 31 දින    නගර ශාලාවේදී පැවත් විනි.

මිගමුව කලපුව සංවර්ධන සැලැස්මේ ප්‍රධාන කර්යවූ ජැටිය ඉදිකිරිම නොකර ධිවර කාර්යාලයේ ඉහල නිලධාරීන් කලපුව හැරීමට ප්‍රමුකතාවය දී ඇතිබවත් ඔවුන් එසේ කරන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන් සමග එකතුවී ගොඩදමන පස් විකිනීමට බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව නාගරික මන්ත්‍රී ඇන්ටන් ජයවීර මහතා පවසයි.

කලපුවෙන් ගොඩ දමන පස් පාසැල් පල්ලි නාගරික ක්‍රීඩාංගන ආදී පොදු ස්ථානවලට දැමිය යුතුබවට ගෙනතිබු  තීරණය  කඩකරමින් පස්ජාවරම සිදුකල බව පැවසූ නාගරික මන්ත්‍රීවරයා ජැටිය ඉදිනොකර කලපුව හැරීමට ඉදිරියේදී ඉඩනොදෙන බවද ධිවර ජනතාව සමහ නිලධාරීන්ගේ අකටයුතු කම්වලට එරෙහිව අරගල කරන බවද  සදහන් කළේය.

කලපුව සංවර්ධන කටයුතු සදහා මහින්ද රාජපක්ෂ රජය 2014 දී මිලියන 10000 ක මුදලක් වෙන්කර ව්‍යාපෘති  දුන් බවත් එම මුදල් වලින් මිලියන 7000 ක මුදලක් ප්‍රයෝජනයට නොගැනිම නිසා  මහ භාණ්ඩාගාරයට ආපසු හැරිගොස් ඇතිබව මෙහිදී අදහස් පලකල සංවර්ධන කමිටුවේ නියෝජය සභාපති සරත් කුමාර ගුණරත්න මහතා පැවසිය.

පැවති යහපාලන රජයේ ධිවර ඇමතිතුමා විසින් පත්කල  කලපුසංවර්ධනය කමිටුවේ සිටි රාජ්‍යනොවන සංවිධාන නියෝජිතයන්  සිදුකල විරෝධතා  නිසා  කලපුවේ සංවර්ධන  කටයුතු සිදුකිරීමට  බදාසිදුවුබව මිගමුව සහකාර ධිවර අධ්‍යක්ෂක එම එම ඩබ්ලිව් රන්ජිත් බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img