මත්ද්‍රව්‍ය උවදුර ප්‍රචලිත වුණේ දේශපාලන අතපෙවීම් නිසා -නැගෙනහිර ආණ්ඩුකාරවරිය

මත් උවදුර මැඩලීම සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. එවැනි දේශපාලන බලපෑම් ඇත්නම් වහාම ඒ බව තමාට දැනුම් දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.මත් උවදුරෙන් සිය පළාත මෙන්ම රටේ ජනතාව බේරා ගැනීම සඳහා ද සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය

මත් උවදුර මර්දනය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ විශේෂ හමුවක දී ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය

මේ අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය රඛිත ලක්නාත් වෙලගෙදර, පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්, පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී වෛද්‍ය වෙලගෙදර මහතා විසින් මත් උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතු විශේෂ කමිටු පිහිටුවීමද විශේෂත්වයකි.සෞඛ්‍යය, අධ්‍යාපන, පුනරුත්ථාපන, ප්‍රචාරණ, උපදේශන නීති සැකසීම, කුසලතා සංවර්ධන යන විෂයයන්ට අදාළව එම කමිටු පිහිටුවීමට මෙහිදී කටයුතු කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.

“අතීතයේ දේශපාලන අතපෙවීම් නිසා තමයි මේ මත්ද්‍රව්‍ය උවදුර ප්‍රචලිත වුණේ. හැබැයි මට වගකීමෙන් කියන්න පුලුවන් අපේ ආණ්ඩුව එවැනි දේශපාලන අතපෙවීම් නෑ. එහෙම දේශපාලන අතපෙවීම් තියනවනම් කරුණාකරලා ඒ බව අපිව දැනුවත් කරන්න. මට පුලුවන් ජනාධිපතිතුමාට ඒ ගැන කියන්න. පොලිසියට මම කියන්නේ අපේ පළාතේ මේ මත්දුව්‍ය මැඩලීම සදහා කිසිදු පැකිලීමක් වන්න එපා බය නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි සියලු දෙනාම එකතුවෙලා මේ මේ මත් උවදුර නැති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමු

රුචිර දිලාන් මධුසංඛ

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img