මත්ද්‍රව්‍ය උවදුර ප්‍රචලිත වුණේ දේශපාලන අතපෙවීම් නිසා -නැගෙනහිර ආණ්ඩුකාරවරිය

මත් උවදුර මැඩලීම සඳහා කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය. එවැනි දේශපාලන බලපෑම් ඇත්නම් වහාම ඒ බව තමාට දැනුම් දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.මත් උවදුරෙන් සිය පළාත මෙන්ම රටේ ජනතාව බේරා ගැනීම සඳහා ද සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය

මත් උවදුර මර්දනය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ විශේෂ හමුවක දී ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය

මේ අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය රඛිත ලක්නාත් වෙලගෙදර, පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්, පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එහිදී වෛද්‍ය වෙලගෙදර මහතා විසින් මත් උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතු විශේෂ කමිටු පිහිටුවීමද විශේෂත්වයකි.සෞඛ්‍යය, අධ්‍යාපන, පුනරුත්ථාපන, ප්‍රචාරණ, උපදේශන නීති සැකසීම, කුසලතා සංවර්ධන යන විෂයයන්ට අදාළව එම කමිටු පිහිටුවීමට මෙහිදී කටයුතු කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේ ද පැවසුවාය.

“අතීතයේ දේශපාලන අතපෙවීම් නිසා තමයි මේ මත්ද්‍රව්‍ය උවදුර ප්‍රචලිත වුණේ. හැබැයි මට වගකීමෙන් කියන්න පුලුවන් අපේ ආණ්ඩුව එවැනි දේශපාලන අතපෙවීම් නෑ. එහෙම දේශපාලන අතපෙවීම් තියනවනම් කරුණාකරලා ඒ බව අපිව දැනුවත් කරන්න. මට පුලුවන් ජනාධිපතිතුමාට ඒ ගැන කියන්න. පොලිසියට මම කියන්නේ අපේ පළාතේ මේ මත්දුව්‍ය මැඩලීම සදහා කිසිදු පැකිලීමක් වන්න එපා බය නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න. අපි සියලු දෙනාම එකතුවෙලා මේ මේ මත් උවදුර නැති කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමු

රුචිර දිලාන් මධුසංඛ

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img