මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක්

මීගමුව ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රමුඛ පෙලේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 2078 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ  (19) දින මීගමුව තලාහේන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

සපිරි ගමක් සුපිරි රටක් වැඩසටහන යටතේ මීගමුව මහ නගර සීමාවේ ග්‍රාම සේවා වසම් තිස් නවයක මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා එක් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 78 ක මුදලක් මේ වන විට වෙන් කර තිබෙන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව ඉහළ පෙළේ ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකු මුල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇති බවත් ඒ අනුව මීගමුව කොච්චිකඩේ වෙළදපොළ සංවර්ධනය, මීගමුව කොටුව ක්‍රීඩාංගනය සංවර්ධනය, මීගමුව දලුපොත ඇල සහ දෙපා ඇල සංවර්ධනය, කඩොල්කැලේ ක්‍රීඩාංගනය සංවර්ධනය, කාමච්චෝඩේ මාළු වෙළදපොල සංවර්ධනය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ සදහා අයත් බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව ප්‍රදේශය ශ්‍රී ලංකාවේ සංවර්ධිත නගරයක් බවට ඉදිරි වසර පහක කාලය තුළ පත්කරන බවත් එමගින් සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ෂණීය ප්‍රදේශයක් බවත් පත් කිරීම තුළින් රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ ලංකාව පුරා ක්‍රියාත්මක කරන කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ මීගමුව ප්‍රදේශයේ කිලෝ මීටර් 30 ක් කාපට් කිරීමට නියමිතයි. එමෙන්ම දිළිදු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩසටහන, රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම වැඩසටහන තුළින් මීගමුව ප්‍රදේශයේ මෙන්ම සමස්ථ ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහත වැඩිදුරටත් පැවසීය.

ප්‍රසාද් බටුගහගේ

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img