මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක්

මීගමුව ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රමුඛ පෙලේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 2078 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ  (19) දින මීගමුව තලාහේන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

සපිරි ගමක් සුපිරි රටක් වැඩසටහන යටතේ මීගමුව මහ නගර සීමාවේ ග්‍රාම සේවා වසම් තිස් නවයක මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා එක් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 78 ක මුදලක් මේ වන විට වෙන් කර තිබෙන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව ඉහළ පෙළේ ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකු මුල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇති බවත් ඒ අනුව මීගමුව කොච්චිකඩේ වෙළදපොළ සංවර්ධනය, මීගමුව කොටුව ක්‍රීඩාංගනය සංවර්ධනය, මීගමුව දලුපොත ඇල සහ දෙපා ඇල සංවර්ධනය, කඩොල්කැලේ ක්‍රීඩාංගනය සංවර්ධනය, කාමච්චෝඩේ මාළු වෙළදපොල සංවර්ධනය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ සදහා අයත් බව නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව ප්‍රදේශය ශ්‍රී ලංකාවේ සංවර්ධිත නගරයක් බවට ඉදිරි වසර පහක කාලය තුළ පත්කරන බවත් එමගින් සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ෂණීය ප්‍රදේශයක් බවත් පත් කිරීම තුළින් රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ ලංකාව පුරා ක්‍රියාත්මක කරන කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ මීගමුව ප්‍රදේශයේ කිලෝ මීටර් 30 ක් කාපට් කිරීමට නියමිතයි. එමෙන්ම දිළිදු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩසටහන, රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම වැඩසටහන තුළින් මීගමුව ප්‍රදේශයේ මෙන්ම සමස්ථ ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහත වැඩිදුරටත් පැවසීය.

ප්‍රසාද් බටුගහගේ

 

 

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img