අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා, ලිංගිකව අපයෝජනය සිදු කළ 7ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවාඅන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන කණ්ඩායමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

එකී විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටිටුවකටද ඉදිරිපත් කොට තිබේ. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර, පාසල් සිසුන්ද ඒ අතර සිටීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට යොමු වියයුතු විශේෂ කරුණකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර් මහතා විසින් විමර්ශනය පවත්වා, චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම විමර්ශනය සඳහා උ.පො.ප. බණ්ඩාර, කා.පො.සැ. චිත්‍රා (588), පො.සැ. සිතුම් (60348), පො.කො. ජනිත් (61779), පො.කො. උදිත (61837), පො.කො. පාලිත (75229) යන නිලධාරීන් දායකත්වය සපයා ඇත.

news.lk

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img