30 C
Negombo
30 C
Negombo

වියලි කාලගුණය නිසා ජල සැපයුමේ හදිසි අත්හිටවීම් විස්තර SMS මගින් දැනගන්න

-

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම අසීරු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සිදුකරන හදිසි ජලය අත්හිටුවීම ඇතුළු තොරතුරු දැනුම් දීමට කෙටි පණිවිඩ සේවාවක් මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

මෙම සේවාව සදහා ලියාපදිංචි වීමට ජල පාරිභෝගිකයන් තම ජංගම දුරකථනයෙන් බිල්පතේ ගිණුම් අංකය 0719399999 යන අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතුය.

මෙම කෙටි පණිවිඩ සේවාව මගින් ජල බිල්පත් ගාස්තු, අත්හිටුවීම් ඇතුළු තොරතුරු ලබා දෙන බව මණ්ඩලය සඳහන් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.