මේදිනවල මීගමුවේ කඩොලාන රැකගැනීම සදහා මෙන්ම දරුවන් වෙනුවෙන් කඩොල් කපාහෝ ක්‍රීඩාංගන ඉදිකළ යුතුබවට යෝජනා ඉදිරිපත් වන අතර ඒවා සදහා උද්ඝෝෂණ කරන පිරිස් මෙන්ම නිරීක්ෂණ චාරිකා සදහා පැමිණෙන අයගෙන්ද අඩුවක් නැත.
මෙම ජයාරූපවලින් දැක්වෙන්නේ මිගමුව කොටුව පිට්ටේනිය සහ එහි ක්‍රීඩාගාරයේ දිනෙන් දින පරිහානියට ගොස් ඇති අන්දමයි.
නිවුස්ටඩ් බාලිකා විදුහලේ සිසුවියන් ක්‍රීඩා පුහුණුවිම සදහා යොදා ගන්නේ ද මෙම ක්‍රීඩා පිටිය වන අතර සිසුවියකට ඇදුමක් මාරුකර ගැනීමට සිදුවුවහොත් එය ක්‍රීඩාංගණයේ දී සිදුකර ගැනීමට සිදුව ඇති අතර වැසිකිලි කැසිකිලි යාමට අවැසි උවහොත් පාසැල වෙත දිවයාමට සිදුව ඇත.
ක්‍රීඩාංගනයේ සිටින පුහුණු කරුවෙකුට හෝ ක්‍රීඩකයන්ට හදිසියේ ඇතිවන වර්ෂාවකදී රැදී සිටීමට සෙවනක් නොමැත.
මෙම ක්‍රීඩාංගනය අයත්වන උඩයාර් තෝප්පුව නාගරික බල ප්‍රදේශය නියෝජනය කරමින් කොට්ටශය ජයගත් එක්සත් ජාතිකපක්ෂයේ සජිත් මොහාන් නාගරික මන්ත්‍රීවරයා සිටින අතර පත්කළ මන්ත්‍රිනී මේරි පෙරේරා (නිර්මලා) මහත්මිය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.
2019 දී 2020 දී
වැස්සට තෙමමින් ඇදුම වැස්සෙන් බේරගන්න
සබැදි පුවත් සදහා
https://www.negombotoday.lk/news/14739/