මහල් නිවාස සංකිර්ණ හා විවිධ ස්ථානවල සමුහ වශයෙන් රැස්ව සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කෘෂිකාර්මික ක්ෂත්‍රයේ නියැලෙන්නන්ගේ ඉල්ලීම පරිදි එම කටයුතුවලදි භාවිත කරන යන්ත්‍ර සුත්‍ර අලුත් වැඩියා කිරිමේ ස්ථාන සඳහා ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරිමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.





