කොරෝනා ආසාදිතයින් ගණන 162ක් වෙයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ යයි

මේ අතර ඊයේ දිනයේ තහවුරු වූ ආසාදිතයින් 8 දෙනා සහ අද දිනයේ මේ දක්වා  තහවුරු වූ ආසාදිතයින් තිදෙනා හදුනාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදුකල පැහැදිලි කිරීම අනුව

මෙම ආසාදිතයින්ගෙන් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනාගෙන ඇති අතර අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම ආසාදිතයින් අතරට අයත් වෙයි.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර හලාවත ප්‍රදේශයෙන් තවත් ආසාදිතයෙකු හදුනාගත් බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

එමෙන්ම විදේශිකයින් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ වසා දමා ඇති ප්‍රදේශයෙන් හදුනාගත් ගැබිණි කාන්තාවක් ද ඊයේ සහ අද  දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව සඳහන්ය.

මීට අමතරව අකුරණ ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම පිරිස අතරට අයත් වන බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img