ගිනිකෙළි නිෂ්පාදනය සදහා බලපත්‍ර ලාභින් වෙත නිකුත්කරන පුපුරන ද්‍රව්‍ය අවභාවිතා වනබවත් එයට හේතුව ලබාදෙන වෙඩි බෙහෙත් භාවිතය පිලිබදව පසු විපරමක් අදාළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් විසින් සිදුනොකිරීම බව කිබුලාපිටියේ පාරම්පරික බලපත්‍ර ලාභී ගිනිකෙළි නිෂ්පාදකයන් පවසති.
ගිනිකෙළි නිෂ්පාදකයන් මෙම අදහස් පලකලේ සිංහල සහ දමිල නව වසර සදහා ගිනිකෙළි නිෂ්පාදනය අලවිය පිලිබදව අප සිදුකල කරුණු විමසීමකදීය
ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනිකෙළි නිෂ්පාදනය සදහා වෙඩිබෙහෙත් බලපත්‍ර ලාභීන් 227 ක් පමණ සිටින අතර ඔවුන් අතර ගිනිකෙළි නිෂ්පාදනය නොකරන දේශපාලන හිතවත්කම් මත බලපත්‍රලභාගත් පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් ඕනෑම කෙනකුට මුදලට වෙඩි බෙහෙත් මිලට ගැනීමට හැකියාවක් ඇති බවද මේ පිලිබදව ආරක්ෂක අංශවල මෙන්ම රජයේ අවධානය යොමුවිය යුතුබවද ගිනිකෙළි නිෂ්පාදකයන් තවදුරටත් පැවසිය.
ආරක්ෂිතව ගිනිකෙළි නිෂ්පාදනය ගබඩා කිරීම සදහා නියම කර ඇති අවම ඉඩකඩ ප්‍රමාණයවත් නොමැති ස්ථානවල මෙන්ම පදිංචි නිවෙස් තුල පවා සිදුකරන රතිඤ්ඤා නිෂ්පාදන සහ ගබඩා කිරීම හේතුවෙන් සිදුවන ගිනිගැනීම් වලින් ජිවිත මෙන්ම දේපල හානි දිගින් දිගටම සිදුවු උවත් බලධාරීන් මෙම අවධානම් කටයුතු නැවැත්වීමට හෝ නිතිය ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වන බවද ඔවුන් පැවසිය.

අපසමග අදහස් පලකල පාරම්පරික ගිනිකෙළි නිෂ්පාදකයෙකු වන සුරේන් ප්‍රනාන්දු මහතා අනෙකුත් උත්සව සමයන්ට සාපේක්ෂව සිංහල සහ දමිල අවුරුදු සමයේ රතිඤ්ඤා සහ අනෙකුත් ගිනිකෙළි සදහා වැඩි ඉල්ලුමක් පවතිනවා එයට හේතුව මෙම උත්සවයට ලාංකිකයන් සියලුදෙනාම එක්වීමයි විශේෂයෙන්ම නැකත් චාරිත්‍ර ඉටුකරන වෙලාවට බොහෝ නිවෙස්වල රතිඤ්ඤා දල්වනවා.
නියමිත වෙලාවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොලැබීම නිසා නිෂ්පාදනය අඛන්ඩව සිදුකරන්න නොහැකිඋනා වෙඩි ලුණු කෝටාඑකෙන් ලැබුනේ 50%ක් පමණයි .නිෂ්පාදනය කරන සමහර ගිනිකෙළිවල ප්‍රමිතියක් නෑ මෙනිසා රතිඤ්ඤා වල ශබ්දය අඩුයි බබර චක්‍රයේ දිග අඩුයි ඇලුමිනියම් බැරල් එකකින් හොද තත්වයේ නිලාකුරු අනුදාහක් ක් ලක්ෂයක් අතර හදන්න පුළුවන් නමුත් ඇලුමිනියම් මිල ඉහල යාමත් සමගබැරල් එකකින් නිලාකුරු දෙලක්ෂ විසිදහසක් පමණ නිෂ්පාදනය කරනවා .මේ කර්මාන්තයට නියාමනයක් ප්‍රමිතියක් හදුන්වා දීම අවශ්‍යයි.

නිව්ටන් ප්‍රනාන්දු මහතාද කිබුලා පිටියේ සිටින පාරම්පරික ගිනිකෙළි නිෂ්පාදකයෙක් ආර්ථික අර්බුධ පැවතිකාලයේ ඩොලර් එක වැඩිවීමත් සමග විසිල් අහස්‌කුරු සදහා අවශ්‍යකරන ප්ලෝකොරේට් බැරල් එක රුපියල් දහදාහේ සිට හතලිස් දාහ දක්වා වැඩිවුනා ආර්ථික අර්බුදය ඉවරවෙලා රට බංකොලොත්භාවයෙන් නිදහස් කියල කියුවට ප්ලෝකොරේට් මිල තවන්ම අඩුවෙලා නැහැ.
හොද ඉල්ලුමක් තියෙනවා වෙළදුන් අපි ලගටම ඇවිල මිලදී ගන්නවාඒ තොග ගොඩගැහිලා නෑ අලවිය හොදයි
.
තවත් ගිනිකෙළි නිෂ්පාදකයෙකු වනඑම් ඩි විමලසිරි මහතා ප්‍රකාශකලේ මට ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය ලැබුනා හදන ගිනිකෙළි තොග ගබඩාකරතබාගෙන නෑ ඉල්ලුම වැඩියි මේ උත්සව සමයේ අලවිය හොදයි සමහර බලපත්‍ර හිමියන් ගිනිකෙළි නිපදවන්නේ නෑ හක්ක පටස් හදන්න අනවසර ගල්කොරිසදහා වෙඩිබෙහෙත් යන්නේ කොහෙන්ද පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත අමුඅමුවේ උල්ලංඝනය වෙනවා බලධාරීන් නොදැක්කා වගේ ඉන්නවා බලපත්‍ර නොමැති නම්වලින් නිෂ්පාදන අලවිවෙනවා හාල් පොල් මිලදී ගන්නවා වගේ ඕනෑම කෙනෙකුට කිබුලාපිටියෙන් ඉතාමත් පහසුවෙන් වෙඩිබෙහෙත් මිලදීගන්න පුළුවන් මෙලෙස අලෙවිවන වෙඩිබෙහෙත් නීතිවිරෝධී කටයුතු සදහා යොදාගැනීමට අවස්ථාවක් තිබෙනබව බලධාරීන්ට නොපෙනීම කණගාටුවට කරුණක් බලපත්‍ර ලාභීන්ට නිකුත්කරන වෙඩිබෙහෙත් පිලිබදව පසුවිපරමක් නැතිවීමත් වෙඩි බෙහෙත් අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීමට හේතුවක් බවද විමලසිරි මහතා වැඩිදුරටත් පැවසීය






