ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් 18 දින පස්වරු 8.45 ට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E1183 නැමැති ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් රුපියල් මිලියන 33කට ආසන්න විදි වටිනාකමක් ඇති කුශ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3,290 ක් සමග විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන සැකකාරිය ඇයගේ ගමන් බෑග් වල ඇතුළත කෘතිමව සැකසූ ලී රඳවනයන් තුළ ඉතා සුක්ෂමව සඟවා රැගෙන විත් තිබී ඇති අතර සැකකාරිය හා මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත




