මඩු දුම්රියේ මැදිරි හැලී -වන්දනා කරුවන් පිඩාවට

මඩු වන්දනාවේ යන බැතිමතුන් සදහා මීගමුවේ මඩු පාර දක්වා  13 දින රාත්‍රී 9 යට මීගමුවේ සිට ගමන් අරබනලද විශේෂ  දුම්රිය සදහා ප්‍රමාණවත් මැදිරි එක්කර නොතිබීම නිසා මගින් දැඩි අපහසු තාවයකට පත්වූ බව දැක ගන්නට ලැබිණි.

ආසන ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය මැදිරිවල බිම අසුන්ගෙන විශාල පිරිසක් සිටිනුද නිරීක්ෂණය විය.

දුමරියේ ඇතිවී තිබෙන දැඩි තදබදය පිලිබදව මාධ්‍ය වෙත අදහස් පලකල මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලයේ ලේකම් එම්මානුවල් පියුම්වර්ධන මහතා ප්‍රමාණවත්  මැදිරි සංඛ්‍යාවක් ලබාදිය නොහැකිනම්  දුම්රිය දෙකක් ඒසදහා යෙදවීම බලධාරීන්ගේ වගකීමක්.

මැදිරි 15 සහිත දුම්රියක් මෙම ගමන සදහා යොදවන ලෙස අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් කල් ඇතිව ලිඛිත ඉල්ලීමක් කළා.ජූලිමස 3 දින සිදුකල මෙම ඉල්ලීම පිලිබදව අවසන් තීරණය දැනගන්න  දැනගත්තේ  අගෝස්තු 10 වෙනිදා දුම්රිය වේදිකාවට පැමිණි පසුයි අපිට දැකගන්න ලැබුනේ දුම්රියේ  තිබෙන්න මැදිරි  නමයක් බව.

එම නමයෙන් දෙකක් දෙවන පන්තියේ එකක් නියාමක මැදිරිය මිගමුව දුම්රිය ස්ථානයෙන්  පමණක් 1000 කට වැඩිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන තියෙනවා  රාගම දක්වා තිබෙන දුම්රිය ස්ථානවලත් මේ දුම්රියෙන් ගමන් පහසුකම් ලබාගන්න විශාල බැතිමතුන් පිරිසක් සිටිනවා

දැඩි අපහසුතාවයකින් පැය 06 ක පමණ දීර්ඝ කාලයකින් යුතු මේ ගමන යන්නට සිදු වී තිබෙනවා යයිද පියුම්වර්ධන මහතා තවදුරටත් පැවසිය.

දුම්රියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවනබැවින් බස්රථ වලින් ගමන් පහසුව සලසා ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර සදහා අයකළ මුදල් නැවත ලබාදෙන ලෙස මගින් පිරිසක් ඉල්ලා සිටිනු දක්නට ලැබිණි

එසේ මුදල් ආපසු දීමට ක්‍රමවේදයක් නොමැතිබව නිලධාරීන් පැවසීමෙන් එම  මගින් දැඩි අසරණ බවට පත්විය.

දුම්රිය සහ එහි සිටි බැතිමතුන් අසිරි ගැන්වීම මීගමුව කලාපීය නාහිමි ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමන්ගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය .
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ මීගමුව, නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුහ

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img