මඩු දුම්රියේ මැදිරි හැලී -වන්දනා කරුවන් පිඩාවට

මඩු වන්දනාවේ යන බැතිමතුන් සදහා මීගමුවේ මඩු පාර දක්වා  13 දින රාත්‍රී 9 යට මීගමුවේ සිට ගමන් අරබනලද විශේෂ  දුම්රිය සදහා ප්‍රමාණවත් මැදිරි එක්කර නොතිබීම නිසා මගින් දැඩි අපහසු තාවයකට පත්වූ බව දැක ගන්නට ලැබිණි.

ආසන ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය මැදිරිවල බිම අසුන්ගෙන විශාල පිරිසක් සිටිනුද නිරීක්ෂණය විය.

දුමරියේ ඇතිවී තිබෙන දැඩි තදබදය පිලිබදව මාධ්‍ය වෙත අදහස් පලකල මිගමුව කලාප  කතෝලික බලමණ්ඩලයේ ලේකම් එම්මානුවල් පියුම්වර්ධන මහතා ප්‍රමාණවත්  මැදිරි සංඛ්‍යාවක් ලබාදිය නොහැකිනම්  දුම්රිය දෙකක් ඒසදහා යෙදවීම බලධාරීන්ගේ වගකීමක්.

මැදිරි 15 සහිත දුම්රියක් මෙම ගමන සදහා යොදවන ලෙස අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් කල් ඇතිව ලිඛිත ඉල්ලීමක් කළා.ජූලිමස 3 දින සිදුකල මෙම ඉල්ලීම පිලිබදව අවසන් තීරණය දැනගන්න  දැනගත්තේ  අගෝස්තු 10 වෙනිදා දුම්රිය වේදිකාවට පැමිණි පසුයි අපිට දැකගන්න ලැබුනේ දුම්රියේ  තිබෙන්න මැදිරි  නමයක් බව.

එම නමයෙන් දෙකක් දෙවන පන්තියේ එකක් නියාමක මැදිරිය මිගමුව දුම්රිය ස්ථානයෙන්  පමණක් 1000 කට වැඩිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන තියෙනවා  රාගම දක්වා තිබෙන දුම්රිය ස්ථානවලත් මේ දුම්රියෙන් ගමන් පහසුකම් ලබාගන්න විශාල බැතිමතුන් පිරිසක් සිටිනවා

දැඩි අපහසුතාවයකින් පැය 06 ක පමණ දීර්ඝ කාලයකින් යුතු මේ ගමන යන්නට සිදු වී තිබෙනවා යයිද පියුම්වර්ධන මහතා තවදුරටත් පැවසිය.

දුම්රියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවනබැවින් බස්රථ වලින් ගමන් පහසුව සලසා ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර සදහා අයකළ මුදල් නැවත ලබාදෙන ලෙස මගින් පිරිසක් ඉල්ලා සිටිනු දක්නට ලැබිණි

එසේ මුදල් ආපසු දීමට ක්‍රමවේදයක් නොමැතිබව නිලධාරීන් පැවසීමෙන් එම  මගින් දැඩි අසරණ බවට පත්විය.

දුම්රිය සහ එහි සිටි බැතිමතුන් අසිරි ගැන්වීම මීගමුව කලාපීය නාහිමි ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමන්ගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය .
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ මීගමුව, නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුහ

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img