මිගමුව නගර සිමාවේ ගෘහස්ථ වරිපනම් වැඩිකරයි- හිගබදු කෝටි 16 යි

රාජ ආණ්ඩු කාලයේ සිට බදු අයකර  තියෙනවා ලෝකයේ බදු අය නොකරන රටක් නෑ පැවති පාලනය ජනතා බදු මුදල් නිසි පරිදි කළමනාකරණය කලේ නැහැ බදු ගෙවන ජනතාවට  ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘති සදහා නාස්ති කළා.

අපි ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාරයක් ජනතාවගෙන් එකතු කරන බදු මුදල් ජනතාවගේ යහපත සදහාම යොදා ගන්නා බවට සහතික වනවා යයි මිගමුව මහා නගර සභාවේ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා පැවසිය

නගරාධිපති වරයා මෙම අදහස් පළකෙළේ. ගෘහස්ථ වරිපනම් බදු 1%  කින්  වැඩිකිරීම සදහා ඉදිරිපත්කල යෝජනාව පිළිබද අදහස් පළ කරමිනි.

අපි බලයට පත්වනවිට මිගමුව නගරයෙන් විශාල කොටසක් අදුරේ  තිබුනේ විදුලි බුබුළු හිගයක් නිසා  බදු කියන්නේ පලාත්පාලන ආයතනයක ප්‍රධාන අදායම් මාර්ගයක්.හිග බදු අයකිරීම අනිවාර්යයෙන්ම කරනවා  නගරසභාවට අයිති ගොඩනැගිලි සදහා  වසර ගණන් කුලී නොගෙවූ  අයගෙන්  හිග කඩකුලී අයකර ගැනීමට කටයුතු කරනවා යයි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්  නගරාධිපතිවරයා   පැවසිය

. මිගමුව මහා නගර  සභාවේ සැප්තැම්බර් මස මාසික සභා රැස්වීම නගර සභා රැස්වීම් ශාලාවේදී 9 දින නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එ හිදී  නාගරික මන්ත්‍රීවරු පලකල අදහස්    පහත සදහන්වේ

සජිත් මොහාන්  ස්වාධින ලබන වසරේ නැවත දේපල තක්සේරුවක් වෙනවා එවිට නැවත බදු වැඩිකරන්න වෙනවා ඒ නිසා මේ අවස්ථාවේදී බදු වැඩි නොකරන ලෙස ඉල්ලා සිටිනවා කෝටි 16 කට වැඩිය හිගබ්දු තිබෙනවා එම හිග බදු අයකර ගැනීමට කටයුතු කරන්න මිගමුව කොටුව පිට්ටේනිය අසල නගර සභාවට අයිති මාර්ගයේ නතරකරන වාහන වලින් අදටත්  විවිධ පාර්ශව විසින් මුදල් එකතු කරනවා  මේවා නැවැත්වීමට කටයුතු කලයුතුයි එම අදායම් නගරසභාවට ලබාගැනීමට කටයුතු කලයුතුයි.

සංගීත් පෙරේරා  ජාතික ජනබල වේගය

මාලිමා ආණ්ඩුව බදු අය කරන්නේ නෑ කියල  කිවුවේ කවදද  කලින් පාලනය පැවති කාලයේ ගෙනා යෝජනාවට මම විරුද්ධ වුනා ඒ කොරෝනා නිසා ආර්ථික අර්බුදය නිසා ජනතාව කබලෙන් ලිපට වැටුණු කාලයක ඒ යෝජනාව ගෙනා නිසාමධ්‍යම රජයෙන් සේවක වැටුප්වලින් 80%ක් පමණයි ලබාදෙන්නේ  ඉටිරිකොටස සභාවෙන් දරන්න වෙනවා එම නිසා පොදු සේවා පවත්වාගෙන යන්න බදු වැඩිනොකර වෙන විකල්පයක් නෑ

දයාල් නිලංග පොදුජන එක්සත් පෙරමුණ

මේ යෝජනාව මලිමාවේ ප්‍රතිපත්ති වලට එකග නෑ ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත්වන්නේ මේ වැඩිකිරීම ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක් බදු පැහැර හරින විශාල පිරිසක් සිටිනවා ඔවුන්ගෙන් හිගබදු අයකර ගැනීමට කටයුතුකරන්න.

එම් බ්‍රේන්ඩා ක්‍රිෂාන්ති  ජාතික ජනබල වේගය

වැඩක් නොකර පඩි ගන්න සේවකයන් 100 ක්  නගර සභාවේ සිටිනවා මේ එක් අයෙකුට 40000 බැගින් දුන්නත් මාසෙකට ලක්‍ෂ 40 ක් වියදම් වෙනවා අවුරුද්දකට ලක්‍ෂ 480 ක් පසුගිය පාලන සමයේදී මෙම පත්වීම් ලබාදීලා තියෙන්නේ මේ අයට පඩි දෙන්න වෙලා තියෙන්නේ මහජන මුදල් වලින් එනිසා බදු වැඩිකරන්න වෙනවා.

නුස්රි මොහොමඩ් සමගි ජන බලවේගය

 තලාහේන උපකාර්යාල බල ප්‍රදේශයේ කෝටි දෙකකට වැඩිය හිගබදු මුදල් තියෙනවා මිගමු සහ කොච්චිකඩේ ඔක්කොම එකතුවුණාම කෝටි 16 ක් විතර හිගබදු තියෙනවා1% එකක් වැඩි නොකර අයවෙන්න තියෙන හිග කෝටි 16 එකතුකර ගන්න.

මොහාන් අබේසුන්දර ජාතික ජනබල වේගය

ජනතාවගෙන් එකතුකළ බදුමුදල් කෝටි ගණන් කිසිදු ප්‍රයෝජනයක් නැති වැඩවල හිටපු පාලකයන්  වියදම් කළා බස් නැවතුම්පොළ පුස්තකාල ගොඩනැගිල්ල ඩඩ්ලි සේනානායක මර්කට් එකේ ගොඩනැගිල්ල මේවා සදහා ලබාගෙන ඇති ණයසහ පොලි වාරික ගෙවනවා මේවායින් අදායම්ක් ලැබෙන්නේ නෑ.

ඊ ඒ ඇඩි කුමාර  ජාතික ජනබල වේගය

ජනතාව බදු නොගෙවා පැහැර හැරියේ පාලකයන් බදුමුදල්  හෝරා කෑ නිසයි ජනතාව දැන් දන්නවා එහෙම වෙන්නේ නැතිබව ජනතාවට රජය විශාල වශයෙන් සහන ලබාදී තිබෙනවා ඒ නිසා මේ 1% වැඩිකිරීම ගැන ජනතාවට ගැටළුවක් නෑ

නිතිඥ එම එන් එම පසීර් ජාතික ජනබල වේගය

ජනතාවගේ බදුමුදල් දේශ පාලන අවතාර විසින් ගිලගත් කාලය අවසන් අපි බදු මුදල් අවභාවිතා කරන්නේ නැහැ පසුගිය කාලයේ නගර සභාවේ දේපොළ හිතුමනාපයට හිටපු පාලකයන් සහ ඔනුන්ගේ ඥාතීන් හිතවතුන්ට විදිමත් ගිවිසුම් නැතුව බෙදා දී තිබෙනවා මේවා පිලිබදව විධිමත් පරීක්ෂණ පවත්වනවා.

පොදුජන එක්සත් පෙරමුනේ  දයාල් නිලංග මහතා බදු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන්  බෙදීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ජන්ද විමසීමේදී විපක්ෂව ජන්ද 12 ක් හා පක්ෂව ජන්ද 35 ක් ලැබීමෙන් වැඩි ජන්ද 23 කින් යෝජනාව සභා සම්මත විය.

 

 

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img