මුදල් කමිටුවේ නිර්දේශ නෑ ලක්‍ෂ 72 ක් ගෙවීමට ගෙනා හදිසි යෝජනා ඉවතට

මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව 12 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමට ඉදිරි පත්කළ යථාපරිදි කල් නොදුන් යෝජනා 5 ක් විපක්ෂයේ විරෝධතාවය හමුවේ  ඉවත්කර ගැනීමට සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය තීරණය කළේය.

පළාත් සභා ආධාර යටතේ සහ සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හතරක් සහ කසල කළමනාකරණය සදහා මිලදීගත් බ්‍රේල් යන්ත්‍රයට  ගෙවිය යුතු   රුපියල් 7231012.67 ක මුදලක් ගෙවීම සදහා  වන   මෙම යෝජනා  සභාපති විසින්  යථාපරිදි කල් නොදුන් යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබිය.

මෙම යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී මුදල් කමිටු සාමාජිකයෙකු වන සර්වජන බලය පක්‍ෂයේ ප්‍රවින් චමෝද මන්ත්‍රීවරයා යෝජනාවේ මුදල් කමිටුවේ නිර්දේශය ලබාගෙන ඇතිබවට වන සදහන නිවැරදි නොවන බව සදහන් කිරීමත්  සමග මන්ත්‍රීවරු යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතර  සභාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

මෙවැනි වැදගත් යෝජනා මන්ත්‍රීවරුන්ට අධ්‍යනය කිරීම සදහා න්‍යායපත්‍රය සමග ලබාදීම කලයුතු බවත් හදිසියේ කමිටු තබා වාර්තා නොමැතිව  යෝජනා ඉදිරිපත් කිරීම වැරදි වැඩක් බවත් මුදල් කමිටු සාමාජිකයෙකු වශයෙන් තමන් 2025.09.08 දින පැවති මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවට සහභාගී වුවත් නිර්දේශ සහිත    වාර්තාව මේ වනතෙක් අත්සන් තැබීම සදහා  ඉදිරිපත් නොවුබව  බව  මහා සභා රැස්වීමෙන් පසු මාධ්‍ය විසින්  සිදුකල වැඩිදුර කරුණු විමසීමේදී  පැවසිය.

සමගි ජනබල වේගයේ   ලසන්ත දීපාල්  මහතා ඇතුළු මන්ත්‍රීවරුන් යෝජනාව සම්බන්ධයෙන් සිදුකල කරුණු දැක්වීමවලින් අනතුරුව නිත්‍යානුකුල ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම යෝජනා නැවත ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ  සභාපති    ඉරේෂා ජයකොඩි  මහත්මිය යෝජනා ඉවත්කර ගැනීමට කටයුතු කළේය.

සබැදි කරුණු

මන්ත්‍රීවරුන්‌ගේ විරෝධයක් නිසා කටාන ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වෙයි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img