හක්ක පටස් හැදුවොත් බලපත්‍ර අහෝසියි ……. හදන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුකෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය සහ වෙනත් රසායන ද්‍රව්‍යද භාවිතා කරමින් “චීන පටස්” නැමැති නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන බවට ද වාර්තා වේ. මෙම “චීන පටස්” සහ රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන අමුද්‍රව්‍ය භාවිතා කර “හක්කා පටස්” නැමැති නිති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත.

වගාබිම් වලින් වන සතුන් පලවා හැරීම සඳහා බහුලව භාවිතා වන බව වාර්තා වන අතර මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මගින් පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන්ට හා වන සතුන්ට සිදු වූ දරුණු තුවාල සහ මරණ කිහිපයක් ද වාර්තා වී තිබේ. එමෙන්ම මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හා සංරක්ෂණ අභියෝග ද මතු වී ඇති බව නිරීක්ෂණය වේ.

මේ වන විටත් තහනම් කර ඇති “හක්කා පටස්” සහ “චීන පටස්” නැමැති පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය , බෙදා හැරීම, ගබඩා කිරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තව දුරටත් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රජයේ තීරණයකට අනුව එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සහ එම නීති විරෝධි ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් කටයුතු සිදුකර ඇත.

එමෙන්ම රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයන් මින් ඉදිරියට මෙවැනි නීති විරෝධී නිෂ්පාදන කටයුතු වල නියැලී සිටින බව හෝ ඒ සදහා අනුබල ලබා දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත.

මෙම තීරණය ඔස්සේ ශ්‍රී ලංකා රජය, අප රටේ පුද්ගල ජිවිත මෙන්ම වන සතුන් ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. එවැනි හානිකර නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටීමෙන් සහ මේ වන විටත් තහනම් කර ඇති “හක්කා පටස්” හෝ ඒවා නිපදවීමට යොදා ගන්නා “චීන පටස්” නිෂ්පාදනය කිරීමේ, ළඟ තබා ගැනීමේ හෝ විකිණීමේ ඕනෑම සිදුවීමක් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වනජීවී බලධාරීන්ට වාර්තා කිරීමෙන් සහාය දක්වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාව වෙත දැනුම් දී සිටී.

උපුටා ගැනීම ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන්

 

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img