නීතියට උඩින් කිසිවෙකු නෑ – මීගමුවට වලංගු නෑ

මිගමුව මහනගර සභාවේ වත්මන් පාලනයද තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීම සදහා  නිලධාරීන් කටයුතු කරමින් සිටිනබව නගරසභාවේ වෙනසක් වෙනුවෙන් කටයුතුකළ ප්‍රගතිශීලි සේවකයෝ පවසති.

වාහන නැවතීමේ ස්ථානවල එහි සීමාවන්  ගාස්තුව ගාස්තු අයකරන වේලාවන් සහිත පුවරු සවිකරන ලෙස ඉංජිනේරු අංශයට දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම ඔවුන් විසින් හිතාමතාම මගහරිමින් සිටිනබවද නීති විරෝධිලෙස මුදල් අයකරන ස්ථාන ලෙස හදුනා ගෙන ඇති ස්ථානවල “මෙහි නවත්වන වාහන වලින් මුදල් අයකිරීමට කිසිවෙකුට අවසර දී නැත”යනුවෙන් සදහන් පුවරු සවිකළ යුතුබවද එම ප්‍රගතිශීලි සේවකයෝ වැඩිදුරටත් පවසති.

අප විසින් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ලබාගෙන ඇති කරුණු අනුව රථ ගාල් සදහා මුදල් අයකර ගැනීමට අවසර දී  ඇති පුද්ගලයන් සහ නාගරික කොමසාරිස් විසින් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් වල 8 වන කොන්දේශීය  අනුව ගාස්තු අයකල හැකි ප්‍රදේශ පහත සදහන් පරිදි වේ.

කමච්චෝඩ් සතිපොළ ඉදිරිපිට රථගාල සීමාව

කාමච්චෝඩ් සතිපොළට පිවිසෙන ස්ථානයේ සිට ධිවර අමාත්‍යංශ කාර්යාලය දක්වා පාරේ දකුණුපස කොටස.(පාර දෙපැත්තේම සහ වින්ස්ත්‍රින් මාවතේද මුදල් එකතු කරයි)

පිටිපන ලෙල්ලම අසල රථගාල සීමාව

මිගමුව ලෙල්ලම පාරේ පිටිපන ලෙල්ලම පසුකර මීටර් 50 ක් දුරින් පිහිටි පලතුරු කඩය අසලසිට මීටර් 400 ක් පමණ කලපුව පැත්තේ බිම් තීරුව මෙම රථ ගාලට අයත්වේ.(පාලම් අසල සිට පාර දෙපැත්තේම දුව හංදිය දක්වා මුදල් එකතු කරයි )

 නව උසාවි සංකීරණයේ පිහිටි රථගාල සීමාව (ගිවිසුමේ ඇති  මෙම මාතෘකාව ද නිවැරදි නොවේ )

වැල්ලවීදිය පාර ආරම්භ වන ස්ථානයේ සිට කෙලින් විදියආරම්භ වන ස්ථානය දක්වා වම්පසින් පුද්ගලික ඉඩම් වලින් සහ දකුණු පසින් මහා මාර්ගයෙන්(කොටුව පිට්ටේනිය ඉදිරිපිට )සිමාවන බිම්තිරුව් ) පාර දෙපැත්තේම මුදල් එකතු කරයි

(මෙම ස්ථාන කිසිවක් ගැසට් කර නැත.)

මෙම ස්ථානවලට අමතරව කිසිදු ස්ථානයක නතරකරන වාහනවලින් ගාස්තු අයකිරීමට නගර සභාව විසින් කිසිවෙකු සමග ගිවිසුම් ගතව නැත.

ඒ අනුව වැල්ලවීදිය දේවස්ථානය නමින්  මිගමුව නව මාළු වෙළද සංකීර්ණය  ඉදිරිපිට  නගර සභාවට අයත්මාර්ගයේ  නතරකරන රථවාහන වලින් මුදල් අය කිරීමද නීතිවිරෝධී කටයුත්තකි.

මේවා පිලිබදව ජාතික පුවත්පත්වල ජාතික නාලිකාවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් වලදී නගර සභාවේ මාසික රැස්වීම වලදී එළිදරවු වී ඇතිඅතර මහජන පැමිණිලිද ලැබී තිබියදීත්  පොලිසියට පැමිණිලි කිරීමට (ලිඛිතව)  හෝ නිතිය ක්‍රියාත්මක කිරීමටඅවශ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට  නගරාධිපති වරයා සහ  නාගරික කොමසාරිස්  වරයා  තවදුරටත් කල් බැලීම.

නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන  ගරු ජනාධිපති තුමා ගේ සංකල්පය   හෑල්ලුවට ලක්කිරිමක් බවද නගර සභාවේ ප්‍රගතිශීලි සේවකයන් පවසති.

 

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img