පිස්සු කෙලින නිලධාරීන් නිසා – සභාපතිට විපක්ෂයෙන් දෝස්මුර

පසුගිය සභාවාරයේ මෙන්ම මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව  ඔක්තෝම්බර් 17  දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමට ඉදිරි පත්කළ යෝජනා  විපක්ෂයේ දැඩි විරෝධතාවය හමුවේ  පසුවට කල්තබා මුදල් කමිටු වාර්තා සමග ඉදිරිපත් කිරීමට  සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩිමහත්මිය  කටයුතු කළේය.

සමගි ජනබලවේගයේ ලසන්ත දීපාල් මහතා

මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව  යෝජනා ඉදිරිපත් කිරීම නිවැරදි ක්‍රමවේදය නොවනබවත් කමිටු නිර්දේශ සමග යෝජනා සතියකට පෙර  මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ ඒවා අධ්‍යනය කිරීමට බව ප්‍රකාශ කළේය.

එමෙන්ම මුදල් ගෙවීම් සදහා වන යෝජනා හදිසි යෝජනා නොවන බැවින්  මුදල්  කමිටු වාර්තා නොමැතිව ඉදිරිපත් කිරීමට එකග විය නොහැකිබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය. මුදල් කමිටු වාර්තාව නොමැතිව මහාසභාවට මුදල් කමිටු වාර්තාවේ දිනයක් යොදා  යෝජනාවක්  ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි මන්ත්‍රීවරයා විමසීමක් ද කළේය.

සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය (ජාතික ජනබලවේගය)

මෙතන   ප්‍රසම්පාදන ,තාක්ෂණ කමිටු වාර්තා තියෙනවා මේ අයගෙන් (නිලධාරීන් )වැරදීමක් වෙලා තියෙනවා

ලසන්ත දීපාල් මහතා සමගි ජනබලවේගය

මම මේක පුන පුනා කියන්නේ මුදල් කමිටුවේ නිර්දේශ නිවැරදිද කියල බලල අනුමැතිය ලබා දෙන්නයි මහා සභාවට මේ යෝජනාව එන්නේ.

සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය (ජාතික ජනබලවේගය)

කාරණය පැහැදිලියි නැවත මෙම අතපසුවිම නොවෙන්න වගබලාගන්නවා

ප්‍රවින් චමෝද් සර්ව ජනබලය .

සැප්තැම්බර්  මාසේ මුදල්කමිටු වාර්තාව අත්සන් කරන්න පැමිණි අවස්ථාවේ අදාල නිලධාරීන්ට මම දැනුම් දුන්නා ඔක්තෝම්බර්  08   මුදල් කමිටු වාර්තාව නොමැතිව සභාවට යෝජනා ගේන්න උත්සාහ කරන එපා කියල මම ආපු වෙලාවේ දුන්න උපදේශ හරිකියල මට හිතෙනවා එවෙලාවේ මට ලැබුන පිළිතුර වෙන කතාවක්.

අට වෙනිදා ඉදල අද වෙනවිට දවස් 10 ක් පමණ ගතවෙලා තියෙනවා මම හිතනවා මුදල් කමිටු වාර්තාව මේවනවිට හදල ඇති කියල සභාව විනාඩි 10 කට කල් තියල ඒ වාර්තාවකමිටු සාමාජිකයන්ට දෙන්න අපි අත්සන් කරලා දෙන්නම් ඉන්පසුව මේ යෝජනා කල් නොදමා නිත්‍යානුකූලව අනුමත කරගැනීමට හැකියාව ලැබෙනවා යයි ප්‍රවින් චමෝද් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් මන්ත්‍රීවරුපිරිසක් ද මේ පිලිබදව අදහස්  පලකල අතර  මුදල් කමිටු වාර්තා සකස් කර ලබාදීමෙන් පසු  කල්තැබූ යෝජනා ඉදිරපත්  සභාසම්මත කරගැනීම සිදුවිය.

නිලධාරීන් විසින්වැරදි උපදෙස් ලබා දෙමින්  සභාපති තුමිය ඇතුළු සභාව  අපහසුතාවට පත්කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවාදැයි  සැකයක් මතුවන බවට මන්ත්‍රීවරු අතර සංවාදයක් ගොඩ නැගෙමින්  තිබෙන බව ඔවුන් අතර ආලින්දයේ සිදුවූ  කථා බස් අනුව පෙනීයයි

සබැදි පුවත්

මුදල් කමිටුවේ නිර්දේශ නෑ ලක්‍ෂ 72 ක් ගෙවීමට ගෙනා හදිසි යෝජනා ඉවතට

Hot this week

79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂි ඉංජිනේරුවා මිලියන 110 ක කොකේන් ගෙනත්

2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

Topics

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...

වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා...

මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන්...

හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ...

සැමියාගේ ඩෙංගු රෝගය බරපතල කලේ වැරදි ප්‍රතිකාර -බිරිදගෙන් චෝදනා

රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර...

කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් කරනවා -ධිවර නියෝජ්‍ය ඇමති

මීගමුව කලපුව සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සහ කුට්ටිදූව කරවල නිෂ්පාදන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img