ලක්‍ෂ 22 ක් පමණ වටිනා කෝලා තාර මිශ්‍රණය යොදා ගෙන කටාන ප්‍රාදේශීය සභාවේ මා ර් ග වල සිදුකල වලවල් ගොඩ කිරීම(පලිදු පිළිසකර කිරීම ) අසාර්ථක වී ඇති බවත් එමගින් සිදුවී ඇති අලාභය පිලිබදව විගණනයක් ඉල්ලා සිටීමට සභිකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් වාර් තා වේ
අපවෙත ලැබී ඇති තොරතුරු අනුව තාක්ෂණ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයකින් තොරව කෝලා තාර මිශ්‍රණය යොදාගෙන මාර්ගවල වසන ලද වලවල් සියල්ලම වගේ මේ වනවිට නැවත පෙර තිබු තත්වයට පත්ව ඈත.
කෝලා තාර මිශ්‍රය යෙදීමේදී තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නියමිත ප්‍රමිතිය යටතේ සිදු කිරීමේදී එක කෝලා බැරල් එකකින් කාපර්ට් ටොන් හතරක් සකස්කර ගත හැකි අතර එක ටොන් එකකින් මිලි මීටර් හතලිහක ගනකමින් වර්ග මීටර් දහයක් ද මිලි මීටර් පනහක ගනකමින් වර්ග මීටර් අටකද කාපට් ඇතිරීම සිදුකරයි.
මෙම කාපට් ඇතිරීමට පෙර පාරේ පළුදුවී ඇති කොටසේ ගැබුර අනුව කළුගල් එබිසි අතුරා ගොඩකර ගල් රෝලකින් තලාගැනීම සිදුකල යුතු බවද තාක්ෂණ නිලධාරීන් පවසති.




