ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්කෑම් ජාවාරමක්….

(සටහන නිපුණ විජයසිංහ)

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ දීප ව්‍යාප්ත ලෙස ස්කෑම් ජාරාවක් ක්‍රියාත්මක වන බවට අපට අනාවරණය වුනා… ඔන්ලයින් ඇඩ් ක්ලික් කිරීමෙන් මුදල් ලැබෙන බවට පවසා මසකට රු.50,000ට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි බවට සදහන් කර මිනිසුන් බදවා ගැනීමේ කූට ජාවාරමක් සිදුවෙයි. මෙවැනි ඔන්ලයින් ජාවාරම්, පොන්සි ස්කෑම්, පිරමීඩ වංචා කරුවන්ගෙන් ඔබටත් රටටත් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීම සදහා Negombo today අප ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

පිටරට මව් ආයතනයක් සමග ඒකාබද්ධව සිදු කරන බවට පවසා මිනිසුන්ව පොළඹවා ගැනීමට මොවුන් සමත් වෙයි. කෙසේ හෝ එයට ලියාපදිංචි වී මෙම ඇඩ් ක්ලික් කිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තවමත් ඔවුන්ගේ මුදල් ලැබී නැති බවටද අපට ආරංචී වුනා. මෙවැනි ස්කෑම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන අවස්ථාවෙත් කූට ලෙස මෙවන් ජාවාරම් සිදු කරන සැමට නීතිය එක හෙලා කටයුතු කල යුතු බවට අප පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මව් ආයතනය මගින් එවා තිබෙන ඊමේල් හරහා ඔවුන්ගේ වෙබ් අඩවි වලට ලොග් වීමෙන් දිනකට අවම 30-40 ත් අතර සංඛ්‍යාවක් සිදු කර පසුව නැවත ඔවුන්ගේම තවත් වෙබ් අඩවියක ද එලෙස ඇඩ් ක්ලික් කිරීමට අවශ්‍ය බව ඔවුන් පවසනවා. පසුව මාස අවසානයේ ජාවාරම් කරුවන් විසින් ලබාගත් බැංකු ගිණුම් වලට මුදල් බැර කරන බවද මේ වන තෙක් කිසිදු මුදලක් තම ගිණුම් වලට බැර වී නොමැති බවද ජාවාරමට හසු වූ කිහිපදෙනෙක් සදහන් කර තිබුණා. කෙසේ වෙතත් අප මහ බැංකුවෙන් ද මේ පිළිබඳව විමසූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද මෙය නීති විරෝධි ප්‍රබල ස්කෑම් ජාවාරමක් බවට තහවුරු කල බවට අප පැවසීමට කැමැත්තෙමු. මෙම ලින්ක් ක්ලික් කර අපගේ සියලු පෞද්ගලික දත්ත ඔවුන්ට යාමට බොහෝ ඉඩකඩ තිබේ. එනිසා මෙවැනි කූට ප්‍රබල ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස අප මහජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

https://workplatform.online/

මෙවැනි ස්කෑම් විවිධ ආකාරයකට ක්‍රියාත්මක වනවා. උදාහරණයක් ලෙස, පුද්ගලික තොරතුරු ලබා ගැනීමට, ආයතනික දත්ත ලබා ගැනීමට, අන්තර්ජාල ගිණුම් වලට ප්‍රවේශ වීමට, තමාගේ පෞද්ගලික ජායාරූප ලබා ගැනීමට වැනි විවිධ ආකාරයෙන් මෙම ස්කෑම් කරුවන්ගේ මූලික අරමුණ වේ. ලංකාවේ පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් මූල්‍යමය වංචා රාශියක් සිදු වී මිනිසුන් විශාල ප්‍රමාණයක් හසු වී තිබුණා.
මෙවන් ජාවාරම් කරුවන්ට නැවත හසු නොවන්න. පොලිස්පති තුමනි! මහ බැංකු අධිපති තුමනි!. මේ ඔබගේ අවධානය පිණිසයි.

https://jobs.freelancecreativity.com/

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img