කටාන පොලිස් වසමේ පවුල් 13000 ක් පමණ පිඩාවට පත්වී ඇති අතර ගංවතුර හේතුවෙන් වඩාත් ආපදාවට පත්වූ කිබුලාපිටිය දාගොන්න ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය පහසුකම්ලබාදීම නැතිවූ හැදුනුම්පත් ගමන් බලපත්‍ර ආදිය ලබා ගැනීමට අවශ්‍ය පොලිස් නිෂ්කාෂණ ලබා දීමේ ජංගම සේවයක් දාගොන්න විදුහලේදී 5 දින පැවත්විණි
කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා විසින් මෙම ජංගම සේවය සංවිධානය කර තිබිණි
මෙදින කියවීම සදහා පමණක් භාවිතා කළහැකි කන්නාඩි 625 ක් පමණ බෙදා දී ඇති අතර වෛද්යප්රතිකාර ලබාගැනීමට පැමිණි සියලු දෙනාට සහ හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර අස්ථානගතව පොලිස් නිෂ්කාශන ලබාගැනීමට පැමිණ පැමිණිලි සටහන් කල අයට ඒවායේ පිටපත් ලබාදීම සිදුකර තිබේ.
මෙම ජංගම සේවය සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය වරු ඇතුළු කාර්යමණ්ඩලය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ,ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ සහයෝගයද ලැබුණු බව පොලිස් ස්ථානාධි පතිවරයා පැවසිය





